චීනය ඇතුළුව ලොව පුරා රටවල් 28 කින් මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වූවන් වාර්තා වී ඇති අතර ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් 15 දෙනෙකුද, බෙල්ජියමෙන් 1 අයෙකු, කාම්බෝජයෙන් 1 අයෙකු, කැනඩාවෙන් -08 දෙනෙකු, චීනයෙන් 74,185 දෙනෙකු, ඊජිප්තුවෙන් 1 අයෙකු, පින්ලන්තයෙන් 1 අයෙකු, ප්‍රංශයෙන් 12 දෙනෙකු, ජර්මනියෙන් 16 දෙනෙකු, ඉන්දියාවෙන් -03 දෙනෙකු, ඉතාලියෙන් 03 දෙනෙකු, ජපානයෙන් 74 දෙනෙකු හා ‘‘ඩයමන්ඩ් ප්‍රින්සස්’’ නෞකාවෙන් ජපන් ජාතික කොරෝනා වෛරස් ආසාදිතයින් 542 දෙනෙකු, මැලේසියාවෙන් 22 දෙනෙකු, නේපාලයෙන් 1 අයෙකු, පිලිපීනයෙන් 03 දෙනෙකු, රුසියාවෙන් 02 දෙනෙකු , සිංගප්පුරුවෙන් 81 දෙනෙකු, දකුණු කොරියාවෙන් 51 දෙනෙකු, ස්පාඤ්ඤයෙන් 02 දෙනෙකු, ශ්‍රී ලංකාවෙන් 1 අයෙකු, ස්වීඩනයෙන් 1 අයෙකු, තායිවානයෙන් 22 දෙනෙකු, තායිලන්තයෙන් 35 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 09 දෙනෙකු, එක්සත් රාජධානියෙන් 09 දෙනකු, එක්සත් ජනපදයෙන් 15 දෙනෙකු, වියට්නාමයෙන් 16 දෙනෙකු වශයෙන් මෙතෙක් කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වී තිබේ.
මේ අතර චීනයේ වුහාන් නගරයේ රෝහල්වල හෙදියන් වෛරසය ශරීර ගතවීම වැළක්වීම සඳහා හිස මුඩු කිරීමට පියවර ගෙන ඇති අතර ඇතැම් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දිනපතා වැඩි වෙමින් පවතින කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට කෙතරම් කැප වී සිටින්නේද යත් ඔවුන් වැසිකිළියට යන කාලසීමාව ඉතිරි කර ගැනීමේ අරමුණින් සේවය කරනුයේ වැඩිහිටි රෝගීන්ට පළඳින නැපී පැළඳගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වුහාන් නගරයේ රෝහල්වල සේවය කරන බොහෝ හෙදියන්ගේ මුහුණු කොරෝනා වෛරස් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී පළඳින විශේෂිත ආරක්ෂිත ඇඳුම් දිගු කාලයක් පැළඳ සිටීම හේතුවෙන් රතු පැහැ ගැන්වී ඉදිමී තිබීම පිළිබඳව එරට සමාජ මාධ්‍ය ජාලාවල මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්ව තිබේ.
දිවයින