Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
15
"විරිඳුවක් කියන්න පන්සලෙන් සත පහක් ගත්තා. ඒ කාලේ මට එහෙම පන්සලට දෙන්න සත පහක්වත් තිබුණෙ නැහැ" - සෝමසිරි මැදගෙදර - Photos

- "විරිඳුවක් කියන්න පන්සලෙන් සත පහක් ගත්තා. ඒ කාලේ මට එහෙම පන්සලට දෙන්න සත පහක්වත් තිබුණෙ නැහැ" - සෝමසිරි මැදගෙදර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

උප්පැන්නෙ නැතිව මම අවුරුදු තුනක් ඉස්කෝලෙ නොගිහින් ගෙදර හිටියා.......

ජාතික තරුණසේවා සභාවේ කණ්ඩායමට සම්බන්ධ වෙන්නයි මුලින්ම මම කොළඹ ආවේ......

මගේ උපන් ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ තෙරිපැහැ කියන ගම්මානයයි. ඒක ඉතාමත් සුන්දර වගේම කටුක ගම්මානයක්. මගේ ළමා කාලය හරිම සුන්දරයි. අදටත් මම ඒ ළමා කාලයට හරි ආදරෙයි. ගහේ කොළේ තියෙන දේ කඩාගෙන කාලා, ඇළෙන් දොළෙන් නාලා, සමාජයේ යථාර්ථය දකිමින්, ඒවාට මුහුණදෙමින්, සොබාදහමත් එක්ක ගෙවුණු හරිම සුන්දර කාලයක්.


පවුලේ විස්තර ටිකක් කිව්වොත්.?

මගේ අප්පච්චි හොඳ ගොවියෙක්. අප්පච්චි මැදගෙදර විද්‍යාරත්න. මගේ අම්මගේ නම රංකිරි. ඇයත් හොඳ ගෙවිළියක්. මේ දෙන්නගේ ආදරය, රැකවරණය යටතේ අපි ජීවත් වුණා. මගේ පවුලේ මට වැඩිමහල් සහෝදරයින් පස්දෙනෙක් හිටියා. මම බඩපිස්සා. ඒ හැමෝගෙම ආදරය, කරුණාව මට පුංචි කාලේ ඉඳන්ම ලැබුණා.

කුඩා කාලෙදීත් සෝමසිරි ගීත ගායනා කළාද..?

ඔව්.. කුඩා කාලෙදීත් මම අනිත් සහෝදරයන්ට වඩා ටිකක් වෙනස් චරිතයක්. ඒ අය කරපු දේවල් මම කළේ නැහැ. මට ගීත ගායනා කරන්න, ගායනා තරගවලට ඉදිරිපත් වෙන්න ආස කළා. මම අපේ ගමේ ගායකයා වුණා. ගායනා කරන්න මට ආසාවක් ඇතිවෙන්න මගේ ජීවිතේ ප්‍රබලම චරිතය වුණේ මගේ අප්පච්චියි.

මගේ අප්පච්චිට හොඳට පැල් කවි ගායනා කරන්න පුළුවන්. අපි හේනේ පැලේ ජීවත් වුණු අයයි. එක අවුරුද්දකට මාස හයක් අපි හේන්වල ජීවත් වුණා. අනිත් මාස හය ගමට ගියා. සිංහල අලුත් අවුරුද්ද ලබන කාලවලදී හේනේ අස්වනු නෙලාගෙන අපි පැලට, ගෙදරට ගියා. නැවතත් සැප්තැම්බර් මාසය වෙද්දී හේන් කොටලා ආයෙත් හේනේ පදිංචි වුණා. මගේ ළමා කාලය වැඩිපුරම ගෙවුණේ හේනේ අටවපු පැලේ.

ඒක හරි ලස්සන මතකයක්.. එහෙම නේද..?

ඔව්.. ඒ අතීතය මතක් කරන්න මම හරි ආසයි. අපි ඒ කාලේ කෑවේ ඒ පරිසරයෙන් ලබාගත්තු දේවල්. පේර, හිඹුටු, මාදං, දං, මොර වගේ ගෙඩි තමයි අපි ඒ කාලේ වැඩිපුරම කෑවේ. ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් පොත් ටික පැත්තකට දාලා කැලේට රිංගනවා. ආයෙ ගෙදර එන්නේ හැන්දෑවේ හත වෙලයි. ඒ එද්දී බෑග් එකක් පුරවාගෙන පේර අරගෙනයි එන්නෙ. ඒ පේර පුදුම රසක්. ඉරිඟු, කුරක්කන්, තලප, මෙනේරි, කොල්ලු වගේ කෑම ඒ කාලේ අපේ කෑම වුණා. අද අපි වැඩිපුරම කන්නෙ වස විස දාපු ආහාරයි. නමුත් ඒ කාලේ එහෙම වස විස අපිට කැවුණේ නැහැ.

ඔබ ඉගෙන ගත්තෙ මොන පාසලෙන්ද..?

මම ඉගෙන ගත්තෙ තිරිපැහැ සිද්ධාර්ථ විද්‍යාලයෙන්. පාසලේ දී මම සංගීතය විෂයක් විදිහට ඉගෙන ගත්තා. ඒ කාලෙදී අපේ පාසලට මුල්ම සංගීත ගුරුවරයා විදිහට එම්.එම්.කේ. තිස්ස ගුරුතුමා පැමිණියා. එතුමා ගම්පොළ වැසියෙක්. ඒ ගුරුතුමා ළඟ තිබුණු ශිල්ප කලාව සියල්ලම මට ලබා දුන්නා.

මම දරිද්‍රතාවයෙන් හොඳටම පීඩා වින්ඳ දරුවෙක්. අප්පච්චිට ලොකුවට සල්ලි බාගෙ තිබුණෙ නැහැ. මම ගමේ ගායකයා නිසා පැල් කවිවලට, විරිඳුවලට හරි දක්ෂයි. විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයත් මගේ හැකියාව දැනගෙන හිටියා.

මම ඒ කාලේ ඉස්කෝලෙ ඇරුණු ගමන් පොත් ටික ෂර්ට් එක ඇතුළේ දාගෙන දුවගෙන හේනට යනවා. දවසක් සංගීත ගුරුතුමා විදුහල්පතිතුමාගෙන් සර්.. සෝමසිරි මාර දක්ෂ දරුවෙක්. දරුවාගේ අප්පච්චි ගොවිතැන් කරලයි ජීවත් වෙන්නෙ. ආර්ථික අපහසුතා බොහොමයි. සෝමසිරිට ඉස්කෝලෙ වයලීනය සතියකට දෙපාරක්වත් ගෙදර අරගෙන ගිහින් පුහුණු වෙන්න දෙමුද? කියලා අහලා තිබුණා. වයලීනයේ වගකීම සංගීත ගුරැතුමා ගත්තු නිසා විදුහල්පතිතුමාත් ඒ අවසරය ලබාදීලා තිබුණා.

ඒ සුබ ආරංචිය දැනගත්ත මොහොතෙ මොකද හිතුණෙ..?

ඉහේ මලක් පිපුණා. පහුවදා ඉස්කෝලෙ ගිය වෙලාවෙම මට එන්න කියලා අන්න ළමයො වයලීනය ඔයාට ගෙදර ගෙනියන්න පුළුවන්. පරිස්සම් කරපං කියලා කියද්දී මට පුදුම සතුටක් දැනුණා. මට වයලීනය ගෙදර ගෙනියද්දී පාරේ ඉන්න කට්ටිය අන්න අර කොලු ගැටයා අදත් පොල් ගාන්න හිරමනේ උස්සගෙන එනවා කියලා මට විහිළු කළා. නමුත් ඒ කිසිම දේකින් මම සැලුණෙ නැහැ. බොහෝ වෙලාවට මම වයලීනය වාදනය කළේ පැල්කොටේ ඉඳිද්දීමයි.

ගායකයෙක් වෙන්න හීන දැක්කෙ පොඩි කාලෙදීමද..?

ඔව්.. ඒ කාලෙ අද වගේ දවසෙන් දෙකෙන් පන්සල්වල පින්කම් ඉවර කරන්නෙ නැහැ. එකදිගට සතියක්වත් ඒ පින්කම තියෙනවා. සවස තුනට විතර ගමේ ඉන්න කොල්ලො කුරැට්ටන්ට පැය තුනක් විතර සින්දු, විරිඳු, කතාන්දර කියන්න අවස්ථාව ලබා දුන්නා. ලව්ඩ්ස්පීකරයෙන් කියද්දී ඒක මුළු ගමටම ඇහුණා. ඒ කාලෙ අපි ගමටම ඇහෙන්න සින්දු කියන්න හරි ආසයි. හැබැයි එක සින්දුවක්, විරිඳුවක් කියන්න පන්සලෙන් සත පහක් ගත්තා. ඒ කාලේ මට එහෙම පන්සලට දෙන්න සත පහක්වත් තිබුණෙ නැහැ. ඒ තරමටම මම ඒ කාලෙ හරි දුප්පත්.

ඒ සල්ලි හොයාගන්න කවුද උදව් කළේ..?

ඒ කාලෙ මගේ හොඳම යාළුවා අමරකුමාර මනතුංග. එයාගේ ආච්චි තමයි වික්‍රමසිංහ ගුරුමෑණියෝ. ඇය තමයි මාව පාසලට බඳවාගත්තෙ. මට සින්දු කියන්න සතපහක් තිබුණෙ නැහැ. අමරේ මම ළඟට ඇවිත් සෝමේ.. ඔයාට සල්ලි තියෙනවද? කියලා අහද්දී මම බිම බලාගත්තා.

අමරේ මට සත විසිපහක් දුන්නා. ඒකෙන් මට සින්දු පහක් කියන්න අවස්ථාව ලැබුණා. සත විසිපහ සංවිධායක මඬුල්ලට ගෙවලා මම මගේ වාරය ලැබෙනතුරු පෝලිමේ හිටියා. ටික වෙලාවකින් මගේ වාරය උදා වුණා. මාත් හරිම ආසාවෙන් අර පොල්කොටන් වේදිකාවට ගොඩවුණා.

ගීතය ගායනා කරන්න ලෑස්ති වෙද්දීම තමුසෙලාට දැන් සින්දු කියන්න බැහැ. සින්දු කියන වෙලාව ඉවරයි. බහිනවා බිමට කියලා සංවිධායකවරු දෙන්නෙක් ඇවිත් මාව උරහිස්වලින් අල්ලලා වේදිකාවෙන් බිමට දැම්මා. මට සින්දු කියන්නත් නැහැ. යාළුවාගේ සත විසිපහත් නැහැ.

ඒ මොහොතේ මගේ හිතේ පුදුමාකාර කලකිරීමක් ඇතිවුණා. මම වේදිකාව පිටිපස්සට ගිහින් ඇති තරම් ඇඬුවා. එදා වේදිකාවේ පොල්කොටන්වලට හේත්තු වෙලා කවදාහරි දවසක මම රේඩියෝ එකේ සින්දු කියන ගායකයෙක් වෙනවා කියලා අධිෂ්ඨාන කර ගත්තා.

වික්‍රමසිංහ ගුරුමෑණියෝ සෝමසිරිව ඉස්කෝලෙට බඳවාගත්තෙ අහම්බෙන් නේද..?

ඔව්.. ඒකත් හරිම අහම්බෙන් සිදුවුණු සිදුවීමක්. මම ඉපදුණේ වලපනේ මාතෘ නිවාසයෙ. මම ඉපදුණාට පස්සෙ අප්පච්චි ටිකට් කපාගෙන ගෙදර ඇවිත් තියෙනවා. මගේ උප්පැන්න සහතිකය ගන්න වුවමනාවක් තිබිලා නැහැ.

අපේ හේනට යාබද හේනක් වික්‍රමසිංහ ගුරුතුමියට අයිතිවෙලා තිබුණා. දවසක් මම අට්ටාලයට වෙලා කවි කියද්දී වික්‍රමසිංහ ගුරුතුමියට ඇහිලා තියෙනවා. අපේ අප්පච්චිට කතා කරලා විද්‍යාරත්න.

ඔයාගේ දරුවට අපූරු කටහඬක් තියෙනවා. ඉස්කෝලෙ එවන්නෙ නැත්තෙ ඇයි?කියලා අප්පච්චිගෙන් අහලා තියෙනවා. මට ඉස්කෝලෙ යන්න උප්පැන්න සහතිකයක් තිබුණෙ නැහැ. ගුරුතුමියගේ වදේටම අප්පච්චි වෙලාවක් බලලා මට සරම් කොටයකුත් අන්ඳවාගෙන පහුවදාම බුලත් අතකුත් අරගෙන පාසලට එක්කගෙන ගියා.

එදා මට ඉස්කෝලෙ දාන්න සෙරෙප්පු දෙකක්වත් තිබුණෙ නැහැ. මාව දැකපු ගුරැතුමිය මාව ළඟට ගෙනල්ලා අකුරු ලියන්න පුළුවන්ද? කියලා ඇහුවා. පාසල් නොගියත් මගේ අප්පච්චි මට ඒවා ගෙදර දී ටිකක් උගන්වලා තිබුණා.

ඒ නිසාම මගේ ඒ හැකියාව දැකපු ගුරුතුමිය අද ඉඳන් මෙයා තමයි පන්තියේ නායකයා කියලා මාව පන්තියේ අනිත් ළමයින්ට හඳුන්වලා දුන්නා. එතකොට මගේ වයස අවුරුදු අටයි. උප්පැන්නෙ නැතිව මම අවුරුදු තුනක් ඉස්කෝලෙ නොගිහින් ගෙදර හිටියා.

ගමෙන් කොළඹ ආවේ කොහොමද..?

ජාතික තරුණසේවා සභාවේ කණ්ඩායමට සම්බන්ධ වෙන්නයි මුලින්ම මම කොළඹ ආවේ. 1984 වසරේ මගේ මුල්ම සංයුක්ත තැටිය කළා. ඒ ඔබේ ආදරේ මහ සාගරේ, සඳයි තරුයි නිසංසලේ, රිදවන්නෙපා මේ තරම්, අසා ඉමු අපි සුමුදු වැල්ලට යන ගීත හතර එකතු කරලයි.

ඒ ගීත හතර හොඳටම ජනප්‍රිය වුණා. මට තාම මතකයි ඒ කාලේ මේ සින්දු හතර හොඳ ජනප්‍රියයි. හැබැයි ඒ ගීත ගයන්නෙ මම කියලා බොහෝ දෙනා දැනගෙන හිටියෙ නැහැ. මම සංගීත සංදර්ශනවලට බස් එකේ යද්දී මම යන බස් එකේම ඉන්න තරුණයන් මගේ ගීත බස් එකට තට්ටු කර කර ගායනා කළා. ඒ කාලේ මට සංගීත සංදර්ශනවලට යන්න බයිසිකලයක්වත් තිබුණෙ නැහැ.

අපි ඔබේ බිරිය හා දරුවන් ගැනත් කතා කරමු..?

මගේ බිරියගේ නම නීලා සෙනරත්. මහරගම බෝඩින් කාමරයක් හොයන්න ආපු වෙලාවක තමයි ඇයව මට මුලින්ම මුණගැහුණෙ. නීලාගේ ගෙදර බෝඩිමේ නතර වුණු මම අවාසනයේ දී ඇගේ ජීවිතේම නතර වුණා. අපි 1989 අවුරුද්දෙ විවාහ වුණා. අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතා යසස් මැදගෙදර. ලොකු පුතා තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය කරනවා. දෙවැනි පුතා සහන් මැදගෙදර. තුන්වැනියා යශෝධා මැදගෙදර.

පසුගිය කාලෙදී ඔබ ටිකක් අසනීපයෙන් සිටිය බව ආරංචි වුණා..?

ඒක පොඩි අසනීපයක් නොවෙයි. අගෝස්තු මාසයේ දී තමයි මම මේ රෝගය හඳුනාගත්තෙ. මට පොඩි පොඩි අමාරුකම් කිහිපයක් තිබුණා. ඔය අතරේ මට ඔක්තෝබර් මාසයේ දී ප්‍රසංගයකට ආරාධනා ලැබුණා.

ඒ නිසාම මම පෞද්ගලික රෝහලකින් පරීක්ෂණ කිහිපයක් කර ගත්තා. එයින් මට පිළිකා රෝගයක ලක්ෂණ පෙන්නුම් කළා. මම අමෙරිකාවට ගියේ කරන්ට් විසි පහක් අල්ලලයි. අමෙරිකාවට ගිහින් ආවට පස්සෙ මම සැත්කම සිදුකර ගත්තා.

මේ මොහොතේ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය බුද්ධික කුලරත්න, වෛද්‍ය අනුජ, වෛද්‍ය ඩිහාන් ගුණසේකර සහ වෛද්‍ය කනිෂ්ක, රංජිත්, ප්‍රියංකා මිස් ඇතුළු රෝහලේ සියලුම වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම සහ කාර්යය මණ්ඩලයට මම ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඔවුන් මිහිමත සිටින දෙවිවරු. මේ අය නිසා මගේ ජීවිතේ බේරුණා. සැත්කමේ තුවාලයත් දැන් බොහෝ දුරට සනීපයි. දැන් මට පෙර පරිදිම සංගීත ප්‍රසංගවලට සහභාගි වෙන්න පුළුවන්. දැන් මම ආයෙත් ජීවත් වෙනවා.

"දේශය"
දිෂානි



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top