Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
13
"යුරෝපයට රසායනික අවි ප්‍රහාරයක් - ලෝක බලවතාට මොළේ පිළිකාවක්.." - ලෝකයම පුදුම කළ අන්ධ පේනකාරිය කොරෝනා ගැනත් කල් තියා කීවාද? - Photos

- "යුරෝපයට රසායනික අවි ප්‍රහාරයක් - ලෝක බලවතාට මොළේ පිළිකාවක්.." - ලෝකයම පුදුම කළ අන්ධ පේනකාරිය කොරෝනා ගැනත් කල් තියා කීවාද? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ඩයනා කුමරියගේ මරණය ගැනත් ඇය අනාවැකි කියලා..
1974 සයිප්‍රස් ගැටුම, සෝවියට් රුසියාවේ බිඳ වැටීම ගැනත් කියලා..
කවුරුත් නොදන්න මියගිය බබා වැන්ගාගේ ඉතිහාසය මෙන්න..
 
චීනයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යද්දී බොහෝදෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. මුළු ආසියාවම බියෙන් තැති ගනිද්දී ලෝකයේම අවධානය එක්තරා අනාවැකිකාරියකගේ අනාවැකියක් කෙරේද යොමු විය.
 
බාබා වැන්ගා නමින් ලොව ප්‍රකටව සිටි දෑස අඳ මේ අනාවැකිකාරිය 2020 වසර සඳහා ප්‍රකාශයට පත් කොට තිබූ අනාවැකි අතර එක් අනාවැකියක් වූයේ 2020 වසරේදී මුළුමහත් ආසියාවම මහත් ව්‍යසනයකට මෙන්ම මහත් කැලඹීමකට පත්වන බවයි.


ආසියාවේ විශාල විනාශයක් වන බවත් ජනතාව මහත් පීඩාවකට, කරදරයකට පත්වනු ඇති බවත් පවසා ඇති ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ මේ තුළින් ජන විඥානයට මහත් බලපෑමක් ඇති කරන බවත් ජනතාවගේ හොඳ සිහිය පවා අහිමි වීමට තරම් තත්ත්වය බරපතළ වන බවත්ය.
 
බාබා වැන්ගා මේ පවසා ඇත්තේ මේ දිනවල පැතිර යන වසංගත වයිරස් තත්ත්වය ගැන බවට බොහෝදෙනා මත පළ කරයි.
 
මෙම මාරාන්තික වයිරසයට නිසි ප්‍රතිකාර නොමැති වීම හේතුවෙන් මේ වනවිටත් බොහෝ පිරිසක් මිය ගොසිනි. තවත් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති. මේ හේතුව නිසාම ජනතාව මේ පිළිබඳව දැඩි භීතියට පත්ව ඇත.
 
ලොව පුරා වෙළෙඳසල්වල මුහුණු ආවරණ හිඟයක් එකවරම ඇතිවීම තුළින් ජනතාව පසුවන්නේ කොතරම් බියෙන් දැයි අනුමාන කළ හැකිය. ජනතාවගේ සිහිය පවා කැලඹී යනු ඇති බවට බාබා වැන්ගා පවසන්නේ මේ තත්ත්වය ගැන විය යුතුය.
 
බාබා වැන්ගාගේ අනුගාමිකයන් පවසන්නේ ඇගේ අනාවැකි බොහෝවිට නිවැරැදි වූ බවයි. එම අනාවැකි සත්‍ය වීමේ සම්භාවිතාව 85% පමණ බවද පැවැසේ. බාබා වැන්ගා උපත ලද්දේ 1911 ජනවාරි 31 වැනිදාය. බාබා යන නාමය ඇයට පටබැඳී ඇත්තේ පසු කලෙකදීය.
 
එය මිත්තණිය යන්නට සමාන අරුත් දෙන බව කියැවේ. බල්ගේරියාවේ කඳු ආශ්‍රිත ප්‍රදේශයක නොමේරූ ළදරුවකු ලෙස උපත ලද ඇය කුඩා කල බොහෝ රෝග තත්ත්වයන්ගෙන් පීඩා වින්දාය. යම් පමණකට හෝ සුවපත් වනතුරු ඇයට නමක් තැබීම පවා පමා කර තිබිණි.
 
පසුව වැන්ජලීනා ලෙස ඇයව නම් කෙරිණි. පසු කලෙක බාබා වැන්ගා ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ ඇය කුඩා කල දුඹුරු ඇස් හා තඹ පැහැ හිසකේ ඇති සාමාන්‍ය දැරියක වූවාය.
 
ඉපදී ටික කලකින්ම ඇගේ මව මිය ගිය නිසා ඥාතීන්ගේ හා අසල්වැසියන්ගේ රැකවරණ යටතේ හැදීවැඩුණු ඇය, පියා දෙවැනි විවාහයක් කරගත් පසු කුඩම්මාගේ භාරයට පත්විය. කුඩා කල පටන්ම ඇය කෙරෙන් බුද්ධිමත් දැරියකගේ ගති ලක්ෂණ විද්‍යමාන වූ බැව් කියැවේ. බාබා වැන්ගා වයස අවු. 12 වනතෙක් සාමාන්‍ය ජීවිතයක් ගත කළාය. වයස 12දී ඇය දරුණු සුළි කුණාටුවකට මැදි විය. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ මේ සිදුවීමය.
 
සුළි කුණාටුවෙන් පසු දින කිහිපයක් ඇය අතුරුදන්ව සිටියාය. පසුව ඇය සොයා ගන්නා ලද්දේ මරණාසන්නව සිටියදීය. ජනප්‍රවාදවලට අනුව කුණාටුව විසින් ඇය අහසට රැගෙන ගොස් පසුව කිනම් හෝ බලවේගයකින් නැවත පොළොවට පතිත කරනු ලැබ ඇත. සිද්ධිය ඇසින් දුටුවකු විස්තර කර ඇත්තේ අසල කුඹුරක සිටියදී සොයා ගන්නා විට ඇය බොහෝ බියපත්ව සිට ඇති බවයි. ප්‍රථම වරට ඇයට අනාගතය දර්ශනය වී ඇත්තේ මෙසේ තුවාල ලබා අතුරුදන්ව සිටියදීය.
 
වයස 16දී ඇය මුල්වරට අනාවැකියක් පවසා ඇත. ඇගේ පියාගේ නැතිවුණු බැටළු පැටවුන් සොරුන් විසින් සඟවා තබනු ලැබ ඇති තැන නිවැරැදිව පැවැසීමට ඇය සමත් විය. වයස අවු. 30 පමණ වනවිට ඇගේ අනාවැකි කීමේ දක්ෂතාව දියුණු වූ අතර ඇගෙන් උපදෙස් ගැනීමට එන පිරිස ක්‍රමක්‍රමයෙන් වැඩි වන්නට විය.
 
ප්‍රසිද්ධ කලාකරුවෝ, දේශපාලනඥයෝ බොහෝදෙනෙක් ඇය සොයා පැමිණියහ. බල්ගේරියානු රජු නිතර ඇය සොයා පැමිණි අතර වරක් හිට්ලර් ඇගේ නිවෙසට පැමිණ ඇය හමු වී මැලවුණු මුහුණින් නිවෙසින් පිට වූ බවද කියැවේ. යම්කිසි නොපෙනෙන ජීවීන් පිරිසක් වෙතින් මෙම අනාවැකි කීමේ අසාමාන්‍ය හැකියාව තමාට ලැබුණු බව ඇය ප්‍රකාශ කර ඇත.
 
බාබා වැන්ගා විසින් ප්‍රකාශ කොට සත්‍ය වූ අනාවැකි බොහෝමයකි. ඒ අතර දෙවැනි ලෝක යුද්ධය ඇරැඹීම, චෙකස්ලෝවැකියාවේ බෙදීම, 1979 නිකරගුවාවේ යුද්ධය, 1974 සයිප්‍රස් ගැටුම, සෝවියට් රුසියාවේ බිඳ වැටීම, යුගෝස්ලෝවියාවේ බිඳ වැටීම, නැඟෙනහිර හා බටහිර ජර්මනියේ එක්වීම, චර්නෝබිල් න්‍යෂ්ටික විනාශය, බොරිස් යෙල්සින්ගේ මැතිවරණ ජයග්‍රහණය, ඉන්දිරා ගාන්ධිගේ මැතිවරණ ජයග්‍රහණය හා ඇගේ ඝාතනය, ඩයනා කුමරියගේ මරණය, ජෝසප් ස්ටාලින්ගේ මරණය යනාදිය වේ.
 
වරක් එවක බල්ගේරියානු රජු වූ තුන්වැනි බොරිස් රජතුමා ඇය හමුවට පැමිණි අතර ඇය ඔහුට පවසා ඇත්තේ නුදුරු දිනකදී රජ මාලිගයෙන් දුක්මුසු පුවතක් ඇසීමට ලැබෙනු ඇති බවත් රතු කොඩි මාලිගයේ ඔසවනු ඇති බවත්ය.
 
එය එසේම සිදුවිය. රජු මරණයට පත් වූ අතර ඒ බව මහජනතාවට දැන්වීමට මාලිගයේ රතු කොඩි එසැවිණි. බාබා වැන්ගා 2020 වසරට පවසා ඇත්තේ ආසියාවේ ව්‍යසනය පිළිබඳ අනාවැකිය පමණක් නොවේ.
 
තවත් බරපතළ අනාවැකි කිහිපයක් ඇය 2020 වසරට පවසා ඇත. 2020 වසරේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට මොළයේ පිළිකාවක් වැලඳෙන බවත් එයින් ඔහු බිහිරිභාවයට පත්වනු ඇති බවත් ඇය පවසා ඇත. එසේම රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ වී ඔහු දිවි ගලවා ගැනීමට සමත් වනු ඇති බවත් ඇය පවසා ඇත.
 
එපමණක් නොව ඇය ප්‍රකාශ කර ඇති තවත් බිහිසුණු අනාවැකියක් වනුයේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයට යුරෝපය පත්වනු ඇති බවයි. එපමණක් නොව යුරෝපයට භයානක රසායනික අවි ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට ඇය අනතුරු අඟවා තිබේ.
 
ඇගේ මෙම අනාවැකි කොතරම්දුරට සත්‍යදැයි නුදුරු අනාගතයේදී පසක් වනු ඇත. කෙසේ වුවද මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම අනාවැකිකරුවන් අතර බාබා වැන්ගා ඉදිරියෙන්ම සිටින බව අවිවාදයෙන් පිළිගත යුතුය.

මව්බිම
 
Image result for baba vanga coronavirusImage result for baba vanga coronavirusImage result for baba vanga coronavirusImage result for baba vanga coronavirus
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top