ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) හමුවීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
කොළඹ ජාතික කලාභවනේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට ඊයේ එක්වුණු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යටතේ ක්‍රියාත්මක ආණ්ඩුවට තමන් කිසිදු චෝදනාවක් එල්ල නොකරන බව ද හිටපු ජනාධිපතිවරයා සදහන් කළා. මෙහිදී මාධ්‍යවේදීන් කෙටි ප්‍රශ්න රැසක් ඔහු වෙත ඉදිරිපත් කිරීම ද විශේෂත්වයක්.
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ජාතික ආණ්ඩු සංකල්පය පිළිබව ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙහිදී විමසීමක් කළා. ඒ මොහොතේ එම ස්ථානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද රැදී සිටි අතර මේ එහිදී හිටපු ජනාධිපතිවරයා ඊට දැක්වූ ප්‍රතිචාරයයි.
‘‘ ඔයාලා මට වඩා හොඳින් ඒක දන්නවා. ජාතික ආණ්ඩුව ගැන අහන්න හොඳම කෙනා මේ ඉන්නේ. පක්ෂ ලේකම්තුමා. මම ටිකක් මේ දවස්වල දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නේ. ’’