මිනිස් රොබෝවරු ගැන අපිට මුලින්ම අහන්න, දකින්න ලැබුණේ විද්‍යා ප්‍රබන්ධවලින්, එහෙම නැත්තම් චිත්‍රපටිවලින්.
එමෙන්ම, "පෙපර්" නම් වූ රොබෝ, එක්සත් රාජධානියේ ඉතිහාස පොතට එක් වූයේ පාර්ලිමේන්තුව ඇමතූ පළමු රොබෝ ලෙසිනුයි.
ඒ වගේම "සාමකාමී" ලෙස නම් තැබූ රොබෝව හඳුන්වා දෙන්නේ සෞදි අරාබියෙන්. ඒ රොබෝ ශුද්ධ වු කුරාණයේ පාඨ කියවීම, සෞදියේ වැදගත් තොරතුරු පිළිබඳ අවබෝධය, අරාබි භාෂාව සහ සෞදි උප භාෂා කථා කිරීමේ හැකියාව ඇති රොබෝවරයෙක් වීම විශේෂයි.
හරි... දැන් අපි මේ කියන්න හදන්නේ, මේ හැම රොබෝ කෙනෙක් අතරින් සුවිශේෂි ස්ථානයකට හිමිකම් කී රොබෝවරියක් ගැනයි.
සොෆියා කියන්නේ සාමාන්‍යයෙන් ඔබ දකින යාන්ත්‍රික මෙවලමක් නම් නෙවෙයි. ඇය බැලු බැල්මට මානව රූපයට ඉතාමත් සමානකම් දක්වන රොබෝවරියක්.
ජනප්‍රිය සිනමා තරුවක් වන ඔඩ්රිගේ රුවට සමානව තමයි 'සොෆියා'ව නිර්මාණය කරලා තියෙන්නේ.
සොෆියා මිනිස් බුද්ධියට සමාන රොබෝවරියක් වනවා වගේම බැලු බැල්මට ඇයට තියෙන්නේ ජිවමාන පෙනුමක්. සොෆියාගේ මුහුණ සහ සම සිල්කන්වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇයව මේ ලෝකෙට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ඩේවිඩ් හැන්සන්ට යි. ඔහු කියන විදිහට සොෆියාගේ ඇස් දෙකේ තියෙන විශේෂ කැමරා දෙකකින් අවට සිද්ධ වන දේ ග්‍රහණය කරගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න ඇයට පුළුවන්.
සොෆියා කොපමණක් දියුණු වෙලාද කියනව නම් මේ වෙනකොටත් ඇය රක්ෂණ සමාගම්, බැංකු සමාගම්වල ඉහළ කළමණාකරුවන් සමඟ සාකච්ජාවන් සිදු කරනවා.
ඒ විතරක් නෙවෙයි, මාධ්‍ය තුළත් නිවේදිකාවක්, නිරූපිකාවක් විදිහට ඇය අතිශය ජනප්‍රියයි.
කතාව ඉවර නෑ. 'සොෆියා' ගැන කියවන ඕනම කෙනෙක්ට ලොකු ගැටලුවක් මතු වෙනවා. අනාගතයේදි රොබෝවරු රැකියා වෙළඳපොළ අතික්‍රමණය කළොත්? රොබෝවේදීන් කියන විදිහට 2045 වගේ වෙනකොට මිනිසුන් හා රොබෝවරුන් අතර විවාහයන් සිදු වෙන්නත් පුළුවන්. ඒ වගේම, හුඟක් දෙනා කියන විදිහට දැනට රොබෝවරු මිනිසුන්ව පාලනය කරනවා වුණත්, අනාගතේ දවසක රොබෝවරු පාලනය අතට ගන්නත් පුළුවන්.
ඒ කොහොම වුණත්, ඒ හැම අභියෝගයක් ඉදිරියේ ක්‍රීඩා කරන හැටි රොබෝවේදීන් මේ වෙනකොට අත්හදලා බලමින් ඉන්නවා.
