Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
19
"කටපුරා අබේ අයියා කියලා කතාබහ කරලා අවුරුදු දහයක් පහළොවක් ඇසුරු කළාට පස්සෙ තමයි විවාහ වුණේ.." - නිරංජලා සරෝජිනී

- "කටපුරා අබේ අයියා කියලා කතාබහ කරලා අවුරුදු දහයක් පහළොවක් ඇසුරු කළාට පස්සෙ තමයි විවාහ වුණේ.." - නිරංජලා සරෝජිනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"එදා මම තීරණය කළා අබේ නැති දවසක කවදාවත් ගීත ගායනා කරන්නෙ නෑ කියලා..."

"එයාට අවුරුද්දක් කතා කරන්න බැරුව හිටියා.."

ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරැයේ දෙඇසේ වැලි ලෑ විලසින් කැවෙන බව කියූ ඇයගේ ප්‍රේමය ඔහුට ඇතෙකුගේ දළ යුවළ මෙන් වටිනා බව පැවසූ තැනේදී ඇය කෙදින ද කූඩු හදන්නට එන්නේ යැයි ප්‍රශ්න කළාය. කූඩු තනා සෞම්‍ය ප්‍රේම සඳකිරණේ තනිව ප්‍රිය බිරිඳකව සිටින අතරතුර ඇගේ හිස සිඹ දෙඩූ කතාන්දර නවතා ඔහු නික්ම ගියෙන් ඇය අද අප වෙනුවෙන් නොගයන්නීය. මේ නිරංජලා සරෝජනී නම් වූ ඇගේ කතාවයි.


* ඔබ ඉතා කුඩා අවධියේ සංගීත ක්‍ෂේත්‍රයට එක්වූ ශිල්පිනියක්.
ඔව්. ඒකට හේතුව තමයි මට බහ තෝරන්න ලැබෙන්නෙම සංගීත පසුබිමක. අපි උප්පත්තියෙන් කතෝලික. ගෙදර හැමෝම එකතු වෙලා හවස හයට අනිවාර්යයෙන්ම ඔරසන් කියලා ගීතිකා කියනවා. මගේ මමීට හොඳට ඉංග්ලිෂ් මැන්ඩලින් එකත්” පප්පට පියානෝ එකෝඩියන් එකත් බට්න් එකෝඩියන් එකත් වාදනය කරන්න පුළුවන්. දෙන්නම සංගීතයට බොහොම ලැදියි. ඒ නිසාම මල්කාන්ති අක්කයි නිර්මලා අක්කයි කරු අයියගෙ ළමා පිටිය වැඩසටහන හරහා ගුවන්විදුලියට සම්බන්ධ වෙලා හිටියා. ඔය අතරේ 70 දශකය වෙද්දි මහින්ද අල්ගම සහ සුනෙත් ගෝකුල ළමයින් වෙනුවෙන් නිෂ්පාදනය කරපු සංගීත සන්ධ්‍යාව කියන වැඩසටහනට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ ළමා පිටියෙන් තමයි ගායිකාවන් වෙන්න අත්තිවාරම වැටුණෙ.
 
* පාසල තුළ සංගීතය විෂයක් හැටියට හැදෑරුවද?
මුලින්ම මම අධ්‍යාපනය ලැබුවෙ මිශ්‍ර පාසලක් වූ පිටකෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. අටවැනි ශ්‍රේණියේදී නුගේගොඩ සමුද්‍රදේවි විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළට ඉගෙන ගත්තෙ පැපිලියානෙ සුනේත්‍රා දේවි විද්‍යාලයෙන්. පාසල් කාලය තුළ තමයි මම සංගීත සන්ධ්‍යාව - ළමා රංග පීඨය කියන වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් ළමා ගායිකාවක් වුණේ. ඒත් පාසලේදී සහභාගි වුණේ තූර්ය වාදක කණ්ඩායම්වලට විතරයි.
 
* වැඩිදුරටත් සංගීතය හදාරන්න ඔබ පෙලඹෙන්නේ නැහැ.
 ඇත්තටම මම ඒ වැඩසටහන්වලට සහභාගි වුණාට ගායිකාවක් ලෙස සංගීත ක්‍ෂේත්‍රයට එනවා කියලා කිසිම අදහසක් මගේ හිතේ තිබුණේ නෑ. පාසල් යන කාලෙම නන්ද අක්කා (නන්දා මාලිනී) ඇවිත් අපේ අම්මලගෙන් ඉල්ලීමක් කළා ඇය රුවැති ළඳක් කියලා වේදිකා ගීත නාටකයක් කරනවා ඒ සඳහා මාවත් නිර්මලා අක්කවත් සහභාගි කරවන්න කියලා. එතනදී මාව කාථානායිකාව හැටියටත් නිර්මලා අක්කව රුවැති ළඳ හැටියටත් ඇය සහභාගි කර ගත්තා. ඒ හරහා අපේ සංගීතයට වගේම නැටුමට තියෙන ඇල්ම වැඩි වුණා. නන්ද අක්කා තමයි මට මුලින්ම සප්තස්වරය කියා දෙමින් මගේ මුල්ම සංගීත ගුරුවරිය වුණේ.
 
* අන්තිමේ ඔබ වෘත්තීයමය ගායිකාවක් බවට පත් වුණා.
මම පුංචි කාලෙ ඉඳලම ආස කළේ ගුවන් සේවිකාවක් වෙලා පිට රටවල්වල සංචාරය කරන්න. ඒත් දෛවය මාව ගායිකාවක් කළා. හැබැයි විදේශ සංචාර මගෙන් ඈත් නොකර. මොකද අද මම ගායිකාවක් විදියට විවිධ ප්‍රසංග සඳහා විශාල රටවල් ප්‍රමාණයකට ගිහින් තියෙනවා. ගුවන් සේවිකාවක් නොවුණත් ගායිකාවක් ලෙස මගේ විදේශ ගමන් බලාපොරොත්තුව ඉටු වුණා.
 
 * තරුණ වයසට පැමිණීමත් සමග කලාව නිසාම පවුලේ හිතවතෙක් වූ අබේවර්ධනයන් ඔබේ ජීවිතයට ළං වෙනවා.
මට අබේව හඳුන ගන්න ලැබෙන්නෙ මම පාසල් ශිෂ්‍යාවක්ව සිටි කාලයේදීමයි. මල්කාන්ති අක්කගේ ඇඳුරුම් කමට තමයි ඔහු අපේ ගෙදරට ආවෙ ගියේ. කටපුරා අබේ අයියා කියලා කතාබහ කරලා සහෝදරයෝ වගේ අවුරුදු දහයක් පහළොවක් අපි ඇසුරු කළාට පස්සෙ තමයි ඒ ඇසුර ආදරේකට පෙරළිලා 1981 දී අපි විවාහ වෙන්නෙ.
 
* එදා ඔබේ විවාහයට පැමිණෙන්නේ නිර්මලා අක්කා සහ ඇගේ සැමියා විජේරත්න රණතුංග පමණයි.
ඔව්. අපි සහෝදරයෝ වගේ ආශ්‍රය කරද්දි මට දැනුනා අබේ මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න බව. ඒ කාලේ වෙද්දි ඇත්තටම මගේ හිතෙත් ඔහු ගැන ලොකු පැහැදීමක් ඇති වෙලා තිබුණා. නිර්මලා අක්කකගේ වෙඩින් එකට ගිහින් ඇවිත් එදාම තමයි අබේ ඔහුගේ යෝජනාව මට ඉදිරිපත් කළේ. මම හිතුවා මට ගැලපෙන හොඳම කෙනා ඔහු තමයි කියලා. ඔහු බුද්ධාගමේ නිසා මම්මයි පප්පයි අපේ සම්බන්ධයට විරුද්ධ වුණා. ඒත් අන්තිමේ ඔවුන් කිව්වා අපේ විවාහය පල්ලියේ සිදු වෙන්න ඕන කියලා. අබේ ඒකට අකැමැති වුණ නිසා අපේ ගෙදරින් විවාහයට කවුරුත් ආවේ නෑ.
 
* කෙදිනද කූඩුවෙලා අප ඉන්නේ කියලා පස්සෙ ඇහුවට ඒ වෙනකොට ඔබ කුඩුවත් තනාගෙන ඉවරයි.
 ඇත්තටම අද මම පදිංචි වෙලා ඉන්න ගේ අපේ විවාහයට පෙර තමයි අපි හැදුවෙ. කසාද බැඳලා අපි පදිංචියට ආවේ එහිි වැඩ සම්පූර්ණ කරලමයි.
 
 * 1981 යුග දිවි ඇරඹූ ඔබ ඊට වසර දහයකට පෙර අබේවර්ධනයන් සමඟ ගැයූ ප්‍රථම යුග ගීතය ගැන කතා නොකරම බැහැ.
ඒක අබේ සමඟ ගායනා කරද්දි මම පාසල් ශිෂ්‍යාවක්. අපි දෙන්නගෙ සම්බන්දෙ දැනගෙන සුනිල් අයියා (සුනිල් ආරියරත්න) තමයි ඒ ගීතය ලිව්වේ ‘‘කවුද ආවේ.... කවුද ආවේ....ඔබට හොරා ඔබේ හදේ ඇඳී හුන් මිනිස් රුවයි ආවේ...... මම පාසල් යන නිසා අබේගේ සරල ගී වැඩසටහනකට විශේෂ අවසරයක් මත මාව අරගෙන තමයි එදා ඒ ගීතය ගායනා කළේ. එදා වගේම අදටත් ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි අපේ ඒ ප්‍රථම යුග ගීතය.
 
* විවාහයත් සමඟ ඔබේ ජීවිතයට ඔහු නව ආලෝකයක් වුණා කිව්වොත්?
  ඒක තමයි ඇත්ත. මා තුළ යම් හැකියාවක් තිබුණා නම් ඒක ඔප මට්ටම් කරලා හරි මාර්ගය තුළට ගෙන ගියේ ඔහු.
 
 * ‘‘රැළකින් තනි වී වන මැද සරණා කැකුළු තුරුණු යායේ ඇතෙකුට ඇත් දළ යුවළක් වාගේ මට ඔබගේ ප්‍රේමේ" ගීතය කිව්වේ ඔබ වෙනුවෙන් කියලා ඔබ හිතෙනවද?
 අබේ ගායනා කරපු ගීත අතරින් මම කැමැතිම ගීතයක් නිසා ඒක මගේම කරගෙන මම එදා වගේම අදත් ඒක අහනවා. රස විඳිනවා. ඒත් ප්‍රේමකීර්ති අයියා ඒ ගීතය ලිව්වෙ නිර්මලා වෙනුවෙන්.
 
 * මෙතෙක් ගැයූ ගීත අතරින් ඔබ වඩාත් කැමැති ගීතය කුමක්ද කිව්වොත්?
විශේෂත්වයක් කොට හඳුන්වාදිය හැකි ගීත දෙක තුනක් තියෙනවා. ඒ අතරින් විශේෂම ගීතය තමයි ‘අකලට වට මහ වරුසාවක් සේ. කියන ගීතය. අපේ ගීත සාහිත්‍යය තුළ කාන්තාවන් තුන් දෙනකුගේ එකමුතුවෙන් බිහි වෙච්ච පළමුවැනි ගීතය තමයි ඒක. ලිව්වෙ දයා අක්කා (දයාද අල්විස්) සංගීතවත් කළේ නන්දා අක්කා (නන්දා මාලනී) ගායනා කරන්නේ මම. ගායිකාවක් හැටියට මම අබෙත් එක්ක ගායනා කරපු මුල්ම යුග ගීතය වන කවුද ආවේ ගීතයටත් මම ගොඩක් කැමැතියි.
 
 * ඔබේ ගීත අතරින් රසිකයන්ගෙන් වැඩිම ඉල්ලූමක් තිබෙන ගීතය ලෙස ඔබ දකින්නේ?
වේදිකාවට උචිත ගීත කිහිපයක්ම මම ගායනා කරලා තියෙනවා. මේ වෙද්දි මගෙන් රසිකයෝ වැඩිපුරම ඉල්ලලා තියෙන ගීතය ‘කෙදිනද කූඩු හදන්නට එන්නේ. කියන ගීතය තමයි.
 
* ආදරණීය සැමියා අබේවර්ධනයන් ජීවිතයෙන් සමුගැනීමත් සමඟ ඔබ සංගීත දිවියට තිත තබනවා.
ඔව්. සුන්දර අතීතයක මතක සටහන් ඉතිරි කරලා විවාහයෙන් විසිනව වසරකට පසු ඔහු මෙලොවින් සමුගත්තා. සහෝදරයෙක් විදියට දැන හඳුනගෙන පෙම්වතුන් වුණා. අඹු සැමියන් වෙලා ක්‍ෂේත්‍රය තුළ එකටම ගමනක් ගියා. අන්තිම කාලේ අබේ ස්නායු දුර්වලතාවක් නිසා ඔහුගේ කටහඬ නැති වුණා. ඔහු ඒ ගැන ලොකු දුකකින් තැවුණා. ඒ වෙලාවෙ මම තීරණය කළා අබේ නැති දවසක මම කවදාවත් ගීත ගායනා කරන්නෙ නෑ කියලා. එදා සිට මේ දක්වා වූ වසර නවය තුළ මම ගීත ගායනා කළේ නෑ. ඉදිරියටත් ඒ ප්‍රතිපත්තිය මම ඒ විදියටම රකිනවා.
 
 * එය ගායිකාවක් ලෙස ඔබට ආදරය කරන රසිකයන්ට කරන අසාධාරණයක් කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?
අනිවාර්යයෙන්ම මම එහෙම හිතනවා. ඒත් මම සෑහීමකට පත් වෙනවා. ක්‍ෂේත්‍රයට යම් දෙයක් කරලා තියෙනවා කියලා තීරණය කළේ. ඔහු වසරක පමණ කාලයක් කතා කරන්න බැරුව විඳපු දුක දැකලා තමයි මම ඔහු වෙනුවෙන් මගේ හඬ පරිත්‍යාග කරනවා කියලා. තීරණය කළේ. ඔහු අපෙන් සමු අරන් දැන් වසර 9 ක් වෙනවා. ඒ කාලය තුළ දවසකට සාරයක්වත් කවුරු හරි ඔය චෝදනාව කරනවා. රසිකයන්ට මගෙන් අසාධාරණයක් වුණා කියලා හිතනවා නම් ඒ ගැන කනගාටු වෙනවා. ඒත් මේක මම නොකරම බැරි පරිත්‍යාගයක්.
 
 * කවදහරි දවසක ඔබේ ගීතවල අයිතිය පවරන්නේ කාටද?
එහෙම අයිතියක් කාටවත් ලබා දෙන්න මගේ අදහසක් නෑ. මට දුරකථනයෙන් හරි කතා කරලා වැඩසටහනකදී මගේ ගීතයක් කියන්න අවසර ඉල්ලූවොත් මම කාට වුණත් ඒක නොදී ඉන්නෙ නෑ. මගේ අක්කලා දෙන්නගේ දියණියන් දෙදෙනා වන සෙව්වන්දිටත් අනුරාධටත් මගේ ගීත කියන්න අවසරය දීලා තියෙනවා. ඒත් ලියවිල්ලකින් මගේ ගීතවල අයිතිය මම කාටවත් දෙන්නෙ නෑ. ඒ ගීත කියන ඕනම කෙනකුගේ යුතුකම තමයි ඒ අවස්ථාවේදී මුල් ගායිකාව විදියට මාව මතක් කිරීම. ඒ ඇරෙන්න මගේ ගීතයක් කියලා උපයන සතේක තරම් දෙයක් මම බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි.
 
 * එදා සරුංගලය චිත්‍රපටයට ඔබ අබේවර්ධනයන් සමඟ ගැයූ ‘ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි. ගීතය ඔබ දෙදෙනාගේම ජීවිතවලට වැඩි වටිනාකමක් ලබාදුන් ගීතයක් කිව්වොත්?
ඔව්. එහි විශේෂය තමයි සිංහල සංගීතයයි කර්නාටක සංගීතයයි එකතු කරලා ඒ කාලේ හැටියට නිර්මාණය වුණ පළමු ගීතය වීම.
 
* ධම්මික හෙඅ්වාවසම්



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top