එතනින් පළවැනි එක, නිල් චිත්‍රපටයක අධ්‍යක්ෂවරයා මෙතනදී ප්‍රධානියා වෙනවා වගේම ඔහු සෑහීමකට පත් වෙන තුරු රූගත කිරීම නවතින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, යම් යම් දර්ශනවලදී ඔහු සෑහීමකට පත් නොවුණොත් ඒ දර්ශන නැවත වාරයක් රූගත කරනවා.
අධ්‍යක්ෂකවරයාට අමතරව කැමරාකරණයේ යෙදෙන ජායාරූප ශිල්පීන්ට දර්ශනය නවතා ඕනම මොහොතක ජායාරූපකරණයේ යෙදෙන්න අවසරය ලැබෙනවා.
මෙවැනි චිත්‍රපටිවල රූගත කිරීම් කෙරෙන්නේ එක දවසක විතරයි. පැය වලින් කිව්වොත් පැය 18කින් අවසන් වෙන අවස්ථා තියනවා. රූගත කිරීම් අතරතුර ලැබෙන විවේක වෙලාවන්වලදී නිළිය ඉන්නේ විවේකාගාරයේ. ඇය එතන මුල් ගැන්වෙන්නේ හේතු කිහිපයක් නිසයි. එතනින් එකක් තමයි, වේදනාව අඩු කරගන්න අදහසින් එයා ඒ මොහොතේ යම් යම් ඖෂධ භාවිතා කරනවා. ඊළඟ දේ, අනිත් අයට මුහුණ දෙන්න තියෙන ලැජ්ජාවත් මේ සඳහා එක හේතුවක්.
නිල් චිත්‍රපට නිළියන් මාසෙකට වතාවක් ඒඩ්ස් රෝගය වැළඳිලාද කියලා පරීක්ෂා කර ගත යුතු වෙනවා. 2007 වර්ෂයේදී පමණක් ඒඩ්ස් රෝගය නිසාම නිල් චිත්‍රපට නිළියන් 9 දෙනෙකු මිය ගිහින් තියනවා. ඒ වගේම මෙම නිළියන්ගෙන් 66% දෙනාට herpes රෝගය තියනවා, 12%ත් 25%ත් අතර පිරිසක් ලිංගාශ්‍රිත රෝගවලින් පෙළෙනවා.
1990 සිට 2013 කාලය දක්වා නිල් චිත්‍රපට නිළියන් 26ක් සියදිවි නසාගෙන තියෙන්නේ මෙවැනි ඛේදජනක දේට ඇස්පනාපිට මුහුණ දෙමින්. 45 දෙනෙක් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරලා මිය ගිහින් තියනවා. නිල් චිත්‍රපටවල රඟපාන නිළියකට ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාවය 90% වැඩි බවයි සඳහන් වන්නේ.