ලෙබනන් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක් පිළිබඳව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතනවා.
මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ රඹුක්කන, කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වනසිංහ ආරච්චිලාගේ රේණුකා වනසිංහ නැමැති අය සම්බන්ධයෙන් වන තොරතුරුයි.
රේණුකා වනසිංහ 2005 වසරේ ජනවාරි මස 08 වන දින ලෙබනනය බලා පිටත්ව ගොස් තිබෙනවා.
එලෙස ලෙබනන් රටට ගිය ඇය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු තොරතුරක් නොමැති බවයි වාර්තාවන්නේ.
මෙම කාන්තාව පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 0112864136 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
තොරතුරු අවශ්‍ය කාන්තාවගේ ඡායාරූපය පහතින් දැක්වේ.
