Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
13
අනාරක්ෂිත ලිංගික එක්වීම් නිසා බෝවන සුව නොවන රෝගයක් ගැන දරුණු අනතුරු ඇඟවීමක්, ඔබ දැනගත යුතුම කරුණු

- අනාරක්ෂිත ලිංගික එක්වීම් නිසා බෝවන සුව නොවන රෝගයක් ගැන දරුණු අනතුරු ඇඟවීමක්, ඔබ දැනගත යුතුම කරුණුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"කාන්තාවන්ට වැළදුනොත් වඳභාවයට පත් වීමේ අවදානමක්.."

"රෝගයේ රෝග ලක්ෂණ පිටට පෙනෙන්නේ  නැහැ.."

වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් එය පැතිරීමේ අවදානමක් ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

මයිකොප්ලාස්මා ජෙනිටලියම් (MG - Mycoplasma genitalium) ලෙස හඳුන්වන මෙම රෝගයේ ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත්, බොහෝ විට කාන්තාවන්ගේ ශ්‍රෝණිය ආශ්‍රිත ආසාදන තත්ව ඇතිවී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතී.

MG රෝගයට නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් එය ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ලෙස ශරීරය තුළ වර්ධනය විය හැකිය.


මේ අනුව, බ්‍රිතාන්‍යයේ ලිංගික සෞඛ්‍යය සහ HIV පිළිබඳ සංගමය (BASHH), MG රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන නව උපදෙස් මාලාවක් හඳුන්වා දී තිබේ.
මයිකොප්ලාස්මා ජෙනිටලියම් යන බැක්ටීරියාව ඇතුළුවීම හේතුවෙන් පිරිමි මුත්‍ර මාර්ගයේ ප්‍රදාහයක් හටගැනීම හා එයින් ස්‍රාවය පිටවන අතර මුත්‍රා කිරීමේදී අධික වේදනාවක් ඇති විය හැකිය.

කාන්තාවකගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වූ විට එහි බලපෑමෙන් ගර්භාෂය සහ පැලෝපීය නාලය වැනි ප්‍රජනන ඉන්ද්‍රීන් ප්‍රදාහයකට ලක්වේ. මේ හේතුවෙන් අධික වේදනාවක් ඇති විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී උණ තත්වයක් හෝ රුධිර වහනය වීම ද සිදු විය හැකිය.

අනාරක්ෂිත ලිංගික හැසිරීම මගින් මෙම රෝගය බෝවෙන අතර, ලිංගික සංසර්ගයේදී උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිත කිරීමෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකිය.

මයිකොප්ලාස්මා ජෙනිටලියම් ශරීරගත වූ පුද්ගලයෙක් නිතරම රෝගී ලක්ෂණ නොපෙන්වන අතර සමහර අවස්ථාවලදී ප්‍රතිකාර අවශ්‍ය නොවනු ඇත. නමුත් මෙහි රෝගී ලක්ෂණ හඳුනාගත් විට ක්ලැමීඩියා (Chlamydia) වැනි වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්වයක් ලෙස වැරදි නිගමනයකට එළැඹීමට ඉඩ තිබේ.

ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ප්‍රතිකාර කළ හැකි නමුත් මෙම බැක්ටීරියාව ඇතැම් ඖෂධ වලට ප්‍රතිරෝධයක් දක්වයි.

ලෝකය පුරා මැක්රොලයිඩ්ස් (macrolides ) කුලයට අයත් ප්‍රතිජීවක ඖෂධවලින් සිදු කරන ප්‍රතිකාර ක්‍රමවලින් MG රෝගය සුව වීම අඩු වෙමින් පවතින බව BASHH උපදෙස් මාලාවේ ඇතුළත් වේ.

කෙසේවෙතත්, මැක්රොලයිඩ්ස් කුලයට අයත් එක් විශේෂ ප්‍රතිජීවක ඖෂධයක් වන azithromycin බොහෝ විට මෙම බැක්ටීරියාවට එරෙහිව ක්‍රියා කරනු නිරීක්ෂණය වී තිබේ.

රෝගය වැළදීම වළක්වා ගැනීම සඳහා පූර්වෝපාය අනුගමනය කරන ලෙස ලිංගික උපදේශකයෙකු සහ BASHH සාමාජිකයෙකු වන වෛද්‍ය පීටර් ග්‍රීන්හවුස් පවසයි.

" මයිකොප්ලාස්මා ජෙනිටලියම් ගැන ජනතාව දැනුවත් වීමට කාලයයි මේ," යැයි ඔහු තවදුරටත් පැවසීය.

BASHH උපදෙස් මාලාව ලිවීමට සහය දුන් පැඩි හෝර්නර් පැවසුවේ, "පසුගිය වසර 15 තුළ අපි මේ රෝගය ගැන ක්‍රියා කළ ආකාරයට ම ඉදිරියට ක්‍රියා කරන්න බැහැ. MG වේගයෙන් පැතිරී යෑමත් සමඟ එය නිසැකවම හදිසි තත්වයකට මුල පුරනවා" යනුවෙනි.

"MG රෝගය ආසාදනය වී ඇත්දැයි නිවැරදි පරීක්ෂණවලින් හඳුනාගෙන එයට නිසි ප්‍රතිකාර කර, රෝගීයා සම්පූර්ණයෙන් සුව වී ඇති බව තහවුරු කරගැනීම අපගේ උපදෙස් මාලාවෙන් නිර්දේශ කරනවා"


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top