මගීන් 140 ක් රැගෙන ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් ගුවන්තොටුපලෙන් නික්මීමට සැරසුණු ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් යානයක් ධාවන පථයේදී මීගවයෙකු හා ගැටී තිබෙනවා.
ඊයේ සන්ධ්‍යාවේ මෙම සිද්ධිය වාර්තා වූ අතර යානය ඉහළට නැංවීමේදී එම අනතුර සිදුවූයේ නම් දැවැන්ත විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බවයි ගුවන් විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
ධාවන පථයේ පසෙකට විසි වී ගුවන් යානයේ ගමන නතර වුව ද කිසිවෙකුටත් හානියක් සිදුවූයේ නැහැ. කෙසේ වුව ද, දැඩි ආරක්ෂක විධිවිධාන තිබියදී ගුවන්තොටුපලේ ධාවන පථයට මී ගවයෙකු ඇතුළුවීම පිළිබඳව දැන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
එමෙන්ම, ඉන්දියාව පුරා සියලූ ගුවන්තොටුපලවල ආරක්ෂක විධිවිධාන යළි ඇගයීමකට ලක් කිරීමට ඉන්දීය ගුවන් සේවා අමාත්‍යවරයා නියෝග කළා.