මෙය වෛධවස යෝගය ලෙස ජ්‍යෙතීර් විද්‍යාව තුළ හඳුන්වයි. ගමේ ගොඩේ උදවිය කනවැන්දුම් දෝෂය කියා කියනු ඇත. ස්‌ත්‍රී කේන්ද්‍රයක පුරුෂ මර යෝගයත්, පිරිමි කේන්ද්‍රයක ස්‌ත්‍රී මර යෝගයත් ඇත්නම් වෛධවස යෝගය නොහොත් කනවැන්දුම් යෝගය ලෙස සලකනු ඇත. විවාහ වීමට පළමු මෙය දැන ගැනීම ඉතා හොඳය. එය ඔබේ ජ්‍යෙතීර්වේද මහතා හමුවී දැනගන්න.
ස්‌ත්‍රී කේන්ද්‍රයෙන් ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් හතේ , අටේ, යන රාශි දෙකේ රවි, රාහු, කුජ, ශනි යන ග්‍රහයෙකු සිටී නම් එය පුරුෂ මර යෝගය වේ. හත, අට, ස්‌ථාන දෙකේම යෙදීමත් විවාහ වන පුරුෂයා මැරීමට හේතුවයි. තවද එම ස්‌ථාන දෙකේ ග්‍රහයන් පාප පීඩිත අයුරින් සිටී නම් පුරුෂ මරයෝගය යෙදෙන බවද කිව යුතුය. ස්‌ත්‍රී කේන්ද්‍රයෙන් 06, 08, 12 යන රාශියක සඳු සිටීමත් කනවැන්දුම් දෝෂයකි. ස්‌ත්‍රී කේන්ද්‍රය 08 වැන්න තුළ සඳු, රාහු, සිකුරු සිටීමත් ඉහත දෝෂයට අයත් බව කිව යුතුය.
මේෂ වෘශ්චික රාශියක සඳු පාප කර්තීව සිටීමත් පුරුෂයා අකාලේ මැරෙන යෝගයකි. එම නිසා විවාහ වීමට පළමු ස්‌ත්‍රි කේන්ද්‍රය කන වැන්දුම් දෝෂ සහිතද කියා හොඳට බලන්න.
ඒ වගේම තමා ස්‌ත්‍රී මර යෝග පුරුෂ ජන්ම පත්‍රය තුළද යෙදීමට පුළුවන්. එම කේන්ද්‍රවල පුරුෂයාට විවාහ වන කාන්තාවට මර යෝග යෙදේ. පුරුෂ කේන්ද්‍රයේ ලග්නයෙන් හෝ සඳුගෙන් හතේ අටේ ශනි, රාහු, කුජ හෝ රවි සිටීම ස්‌ත්‍රී මැරෙන යෝගයකි. හත්වැන්නේ සිටින කුජට සෙනසුරුගේ දෘෂ්ටිය වැටීමද හොඳ නැත. පුරුෂ කේන්ද්‍රයේ 06, 08, 12 යන තුන් ස්‌ථානය අධිපති ග්‍රහයන් දුබලවීම ස්‌ත්‍රී මර යෝගයකි. පුරුෂ කේන්ද්‍රයේ 06,07,08 රාහු , කුජ, ශනි යෝග වීමද ස්‌ත්‍රී මර යෝගයකි. පුරුෂ කේන්ද්‍රයේ 07 වැන්නේ චන්ද්‍ර, ශනි යෝගයද ස්‌ත්‍රී විනාශයට හේතුවකි. හතේ සිටින ශනිට රවිගේ දෘෂ්ටිය වැටීමද ස්‌ත්‍රී මර යෝගයකි. මෙම දෝෂ භංගවන හේතු ජ්‍යෙතිෂය තුළ පෙන්නා ඇත.
මෙය ජාතික පුවත්පතක පළවූ ලිපියකි.
ජ්‍යෙතිර්විද්‍යා විශාරද ගුප්ත විද්‍යාධාරී
මාතර පුහුල්වැල්ලේ
සුසිල් ප්‍රේමචන්ද්‍ර