අරළු, බුළු සහ නෙල්ලි කියන්නේ ඕනෑම රෝගයකට සරිලන ආයුර්වේද ඖෂධ කිව්වොත් නිවැරදියි. මෙම ඖෂධ වර්ග තුනෙහි ඇති ඖෂධීය ගුණය මගින් ශරීරයේ මතුවන බොහෝ රෝග පීඩා නැති කිරීමට සමත් වෙනවා. ඒ,
අරළු -
බඩ පිපුම, මළ පහවීම ප්‍රමාදය නැති කරයි. ගුද ඉන්ද්‍රිය ප්‍රාණවත් කරයි.
බුළු -
මුඛයේ වීදුරු මස්‌වල මතුවන රෝග පීඩා දුරු කරයි.
ඇස් කන්වල හටගන්නා දෝෂ වළකාලයි.
සම පැහැපත්ව තබා ගැනීමට උපකාරී වේ.
නෙල්ලි -
රුධිරය පිරිසිදු කරයි. ලිංගික ඉන්ද්‍රියයන් ප්‍රාණවත් කරයි. ශරීරයේ මතුවන විෂ දෝෂ නැති කරයි. සෙම් පිත් රෝග දුරු කරයි.