හෘදයාබාධයක් කියන්නේ ජිවිත අවධානමක් කිව්වොත් හරි. හෘදයාබාධයක් ඇති වෙනතුරුම කවුරුවත් දන්නේ නැහැ තමන් එම තත්ත්වයට පත් වෙනවා කියලා. නමුත් හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සොයාගෙන තිබෙනවා අලුත් ක්‍රමයක් ගැන.
ඒ තමයි පුද්ගලයකුට හෘදයාබාධයක් වැළඳීමේ ඉහළ අවදානමක් තිබෙනවාද කියලා ඊට පෙර හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු වීම. ඒ ක්‍රමය වන්නේ ඕනෑම පුද්ගලයකුගේ අත් දෙකේම රුධිර පීඩනය මැන බැලීමෙන්.
දැනට සාමාන්‍යයෙන් බොහෝ වෛද්‍යවරුන් රුධිර පීඩනය බලන්නේ රෝගීන්ගේ එක් අතක පමණයි.නමුත් ඕනෑම කෙනෙක් අත් දෙකේම රුධිර පීඩනය මැන බලාගෙන මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.
අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීමෙන් පසු රුධිර පීඩන අගයෙහි ඒකක 10 ක වෙනසක් දක්‌නට ලැබුණහොත් එමගින් නිගමනයක් ලබාගත හැකියි කියලයි පර්යේෂණය කළ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ .
කිසිදු රෝගයක් නැති පෙණුමෙන් නිරෝගී පුද්ගලයින් මෙසේ පරීක්ෂණය කළහොත් ඉන් 38% කටම හෘදයාබාධයක් වැළඳීමේ ඉහළ අවදානමක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔවුන් පවසනවා.
ඔවුන් පවසන පරිදි සෑම වර්ෂයකම මිනිත්තු 7කට වරක් ගැහැණු පිරිමි පුද්ගලයින් එක්ලක්ෂ හැටදහසක් හෘද රෝගවලින් පෙළෙන බවට සොයාගෙන තිබෙන බවයි කියන්නේ.
මොළය, වකුගඩු ඇස් වැනි ඉන්ද්‍රින්ට හානි වනතුරුම හෘදයාබාධය හදුනා ගත නොහැකි බව ඔවුන් පවසනවා.
මෙම පරීක්ෂණය සදහා එම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම වයස අවුරුදූ 40ට වැඩි නිරෝගී පෙනුම ඇති ගැහැණු පිරිමි පුද්ගලයින් 3400ක් යොදාගෙන තිබෙන අතර ඉන් 10% ක් හෘද රෝගවලින් පෙළෙන හා හෘදයාබාධයක් ඇති වීමේ අවධානම ඇති අය බවට තහවුරු වී තිබෙනවා.
එමෙන්ම ඩිමෙන්ෂියාව රෝගයෙන් පෙළෙන පිරිසට හෘදයාබාධයක් ඇති වීමේ අවධානම තිබෙන බවත් ඔවුන් පවසනවා.