Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
28
"දන්න දවසේ ඉදලා මම ආදරේ කළේ වසන්ති චතුරාණිට .." දයාන් විතාරණ

- "දන්න දවසේ ඉදලා මම ආදරේ කළේ වසන්ති චතුරාණිට .." දයාන් විතාරණHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"ඒ රුවට  සමාන අයට ආදරේ කළා.."

"ඇය මැරුණේ නෑ. තවමත් මා සමග ජීවත්වනවා.."

බොහෝ දෙනෙක් දයාන් විතාරණ කියන චරිතයට ආදරය කළේ ඔහුගේ ලයාන්විත හඩටයි. ගීතය පමණක්ම නෙමෙයි ඡායාරූප ශිල්පියා කියන නිහතමානි පුද්ගයලයාවත් බොහෝ දෙනෙක් හදුනනවා. බොහෝ වේලාවට ඔහුගේ කැමරා කාචයට හසුවන්නේ කලාකරුවන්ගේ ඡායාරූප. එහෙමත් නැති නම් මංගල ඡායාරූපයි. ප්‍රවීණ නිළි වසන්ති චතුරානිට තිබෙන ආදරේ නිසාම ඔහු ඔහුගේ ගමන වෙනස් කරන හැටි මේ විදිහට පුවත්පතකට මතක් කරලා තිබුණා. මේ ඒ ගැනයි.


පළාත් කිහිපයකම ජීවත්වුණා
උපතත් විපතත් කරපින්නාගෙන මෙලොවට බිහිවු දරුවෙක් ලෙසයි මා මේ ලොවට ඇවිත් තිබෙන්නෙ. ඒ 1962 අප්‍රේල් 18දා ලේඩි රිජ්වේ රෝහලේ සිසේරියන් බබෙක් ලෙසින්. මම ඉපදෙන විට ජීවත්කළ නොහැකි තරමටම බර අඩු දරු­‍ෙවක්. මගේ අම්මා මාව මියැදෙන්නට ඇරලා බලා සිටි කාන්තාවක් නෙමෙයි. කොහොම හරි ඇය මා ජීවත්කරවන්නට නොවිඳිනා දුක්විඳ මා උස්මහත්කර තිබෙනවා. එසේ නොකළා නම් අද දයාන් විතාරන කියන ඡායාරූප ශිල්පියා හෝ ගායන ශිල්පියා බිහි නොවන්නට තිබුණා.

අම්මා, තාත්තා සහ අක්කලා දෙදෙනාට පසුව පවුලේ බඩපිස්සා වු නිසාම මට ගෙදරින් ‍ලැබිය යුතු උපරිම සැප සම්පත් ලැබුණා. තාත්තා රජයේ සේවකයෙක් ලෙස සේවය කළා. අම්මා ගෘහණියක් ලෙසින් අපේ සියලු ඕනෑ එපාකම් ඉටු කළා. මගේ කුඩා කාලය ගෙවන්නෙ එකම පළාතක එකම නි‍වෙසක නෙමෙයි. ඔහු රාජකාරි කරන විවිධ පළාත්වලට අපිට යන්න සිදුවුණා. 1962-67 කාලය නුවරඑළියෙ ජීවත්ව පසුව 67-72කාලය ගතකළේ මහනුවර. මහනුවර නවතින්න නිවසක් හොයාගන්න බැරි වු නිසා මාසයක් පමණ නුවරඑළියේ සිට මහනුවර දක්වා පාසල් ගියා. ඒ අතීතය මතක්වන විටත් හරිම මිහිරියි. මට මතකයි පාසල් ඇරිල කෙලින්ම යන්නෙ තාත්තගෙ ඔෆිස් එකට. එතන ඉන්නවා තාත්තා වැඩ ඇරෙන තුරු. එහෙම ඉඳලා හවසට ගෙදර එනකොට රෑ වෙනවා. නුවරඑළියෙ ඉන්න කාලෙ මාතලේ සාන්ත තෝමස් විදුහලටත් පසුව මහනුවරට පදිංචිය මාරු කළාට පසුව ධර්මරාජ ප්‍රාථමික පාසලෙත් ඉගෙනුම ලැබුවා.86 සිට කොළඹට පදිංචියට එනවා. ඒ ආවත් කොළඹ පළාත් කීපයකම සිට 92 දී ස්ථීර ලෙසම රාජගිරියේ කමතවත්තේ ගෙදර පදිංචියට යනවා.

 තාත්තා මිය යන විට මට වයස 13යි
තාත්තා මියයනවිට මගේ වයස 13යි. 1976 ජනවාරි මාසයේ ඔහු මියගියා. තාත්තා මියයන විට වයස 54ක් වුවත් එතරම් වයසක් වුණාද කියා ඔහු දකින කිසිම කෙනෙකු සිතන්නේ නෑ. ඒ තරමටම තරුණයි, කඩවසම්.

තාත්තා මැරුණා කියා කවදාවත් අම්ම අපිට කිසිම අඩුපාඩුවක් කළේ නෑ. ඇය මැහුම් පාසලක් පටන්ගෙන මැහුම් ඉගැන්වීමත්, කුකරි පන්තියකුත් ආරම්භකර නිවෙසට වැය වන සියලු වියදම් සොයාගත්තා.

ඔහොම ඉන්නකොට මට සංගීතය ඉගෙන ගැනීමේ ආසාවක් ආවා.1982 වසරේදි නන්දා මාලනී සංගීත ආශ්‍රමයට පියමනින්නේ ඒ විදිහට. දීපිකා ප්‍රියදර්ශනී, වසන්තා තිලකාංගනී, අනුෂා මල්වත්ත වැනි ගායන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් රැසක් හඳුනාගන්නට ලැබුණා. එහිදී දීපිකා ගැයු ගීතය අදත් මතකයි. හරිම ලස්සනයි. දීපිකාත් අදත් මතක්කරනව මම එදා ලස්සනනට ගීතයක් ගායනා කළා කියා.

 ආදර සම්බන්ධතා කිහිපයක්ම තිබුණා
සංගීතය හදාරන කොට චිත්‍ර අඳින්න ආසාවක් ආවා. එහෙත් ඒකට වෙලාවක් තිබුණේ නෑ.පසුව ඡායාරූපකරණයට යොමුවීම හොඳයි කියා සිතුණා. වැඩියම ඡායාරූපකලාවට හිත ගියේ වසන්ති චතුරාණි රංගන ශිල්පිණියට දැක්වු කැමැත්ත නිසා. ඇයගේ ඡායාරූපයක් ගැනීමට පුදුම ආසාවකින් සිටියා. ඇය නොලැබෙන නිසා ඇය වගේ හැඩහුරුකම් තිබෙන ගැහැණු ළමයින්ට පෙම් කළා. ඒ වගේ ආදර සම්බන්ධතා කිහිපයක්ම තිබී නැති වී ගියා.ඟග අද්දර, චූඩා මාණික්‍ය, සිරිබෝ අයියා, අවරගිර, ආදර හසුන වැනි වසන්ති රඟපෑ චිත්‍රපට නරඹා කෙසේ හෝ වසන්තිගේ ඡායාරූපයක් ගන්නවා කියන හැඟීම. එය තමයි මා ඡායාරූප ශිල්පියෙක් කළේ. 1993,සැප්තැම්බර් 20දා වසන්තිව උඩරට මනාළියක් ලෙසින් සරසා ඡායාරූපයක් ගත්තා. එයට හැරිස් විජේසිංහ මහතා තමයි වසන්තිව හැඩගන්වා මා හට හඳුන්වා දුන්නේ.

ඉන් පසුව සිනමාවේ මාලනී, ස්වර්ණා, සබීතා, දිල්හානි, නදීකා, යශෝදා, සංගීතා, මෙන්ම සිනමාවේ සක්විති රජු ගාමිණී ෆොන්සේකා, ජෝ,රෝසි වැනි අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන්හි නියැළෙන ප්‍රසිද්ධ චරිත ඡායාරූපයට හසුකරගත්තා.

මට මතකයි වරක් ගාමිණී ෆොන්සේකාගෙ කවුරුත් නොදැකපු වෙනස්ම ඡායාරූප කිහිපයක් ගත්තා.අද වන විට කලා ක්ෂේත්‍රයේ මගෙන් ඡායාරූපයක් නොගත් කෙනෙක් නැති තරම්.

 වේදිකාවට නැග්ගේ බයේ ගැහි ගැහි
2002 අප්‍රේල් 30 ජීවිතයේ අමතක නොවන දිනයක්. ඒ දයාන් විතාරණ කියන ඡායාරූප ශිල්පියා ගායකයෙක් ලෙස කළඑළි බැස්ස දවස.
කවුරුවත් නැකැත් නොගන්නා අඟහරුවාදා දිනයක ඔබෙ 'සුසුම් පවන් සලයි'සංගීත තැටිය එළිදැක්වුවා. එදා නන්දා මාලනියට අවුරුදු 55ක් ලැබූ දවස. එදා ජෝන්ද සිල්වා සමරු රඟහලට විශාල පිරිසක් පැමිණ සිටියා. පසුව සුනිල් ආරියරත්නයන් ලියු වැටෙන් එහා ගීතයත් රසිකයන් බොහොම ආසාවෙන් වැළඳගත්තා. -

මට මතකයි පළමුවෙන්ම එළිමන් සංගීත සංදර්ශනයකට මා සහභාගි වුණේ හරිම තැති ගැන්මෙන්. මොකද වේග රිද්ම සින්දු අහන රසිකයන් මගේ ගීතවලට මොනවගේ ප්‍රතිචාර දක්වයිද කියා.වෙන්නප්පුව ප්‍රදේශයේ සංගීතයකට පළමුව ලැබුණු ආරාධනය ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා ඔවුන්ට එපාවෙන්න වැඩි ගණනක් කියුවා. එහෙත් ඔවුන් ඒ ගණනටත් මට කැමත් වුණා. පසුව කුලරත්න ආරියවංශ මහතාට ඒ ගැන කියුවිට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එයට සහභාගි වන්න කීවා. එදා තාල් සංගීත කණ්ඩායමට බයෙන් බයෙන් වේදිකාවට ගොඩවැදී ඔබෙ සුසුම් පවන් සළයි ගීතය ගායනා කළා. නට නටා හිටපු රසිකයන් නැටුම නවත්වා බොහොම නිශ්ෂබ්දව එම ගීතය අහගෙන හිටපු විදිහ දැක්කම මට හිතුනා ඔවුන් මගේ ගීතවලට කැමතියි කියා.

අම්මා අදත් ජීවමානයි
අම්මගේ මරණය මගේ ජීවිතයම කම්පනයට පත්කළ සිදුවීමක්. අදත් ඇය මගේ සිතේ ජීවමානයි. මම හැම වෙලේම හිතන්නෙ ඇය මැරුණේ නෑ. තවමත් මා සමග ජීවත්වනවා කියා.

පිළිකා රෝග‍ය වැළදී වසර ගණනාවක්ම දුක් විඳිමින් සිටිය අම්මාගේ මරණය දකින්න නොලැබේවා කියන පැතුම හැම වෙලේම මගේ සිතේ තිබුණා. ඒ නිසාම ඇය මිය යන්න ආසන්නයි කියල දැනුණ විට ලන්ඩන් සවාරියකට යන්නේ.

2006.04.25 එදා මම ලන්ඩන් විහාරයට ගිහින් අම්මාට සැපවත් මරණයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කළා. හරියටම ලංකාවේ ඒ වෙලාවෙදී අම්මා මියගිහින්. ඇයත් හැම වෙලේම කියුවේ පුතාට කවදාවත් ඇයගේ මරණය පෙන්වන්න එපා කියා. ඥාතිනුත් අම්මගෙ මරණය මට දන්වා එවා තිබුණේ නෑ. මම එනකොට අවමගුල් කටයුතු අවසන් කරලා.අම්මගේ මෘත දේහය නොදැකපු නිසාම ඇය අදත් මගේ සිතේ ජීවමානයි. අපි වෙනුවෙන් දහදුක් විඳි අම්මා හැමදාමත් මගේ දිවියේ රැජනයි.

බැඳීම් නැති දිවියක් ගෙවනවා
අම්මා තරමටම මම ආදරය කළ චරිතයක් සෝම හිමි. උන්වහන්සේට මගේ සිතේ තිබුණෙ අපමණ භක්තියක් වගේම ගෞරවයක්. උන් වහන්සේ රචනාකළ ගීතයක් වෙනත් කෙනෙකු ගායනාකළ අවස්ථාවෙ දයාන් මම ඔයාටත් සින්දු කිහිපයක් ලියල දෙන්නම් කීවා.

එහෙම කියල රට ගිය සෝම හිමි නැවත ආවෙ පණපිටින්නම් නෙවෙයි.උන්වහන්සේගෙ අවසන්කටයුතු වෙනුවෙන් මා ගායනාකළ ගීතයට අපේ රටේ ලොකු කුඩා සියල්ලන්ම දක්වන්නේ පුදුම කැමැත්තක්.

කොහේ ගියත් සෝම හිමිවෙනුවෙන් ගායනාකළ ගීතය ගයන ලෙස ඉල්ලනවා. ඒ නිසාම වෙන්න ඇති අදවන විට මට භක්තිගීත ගායනා කිරීමට බොහෝවිට ආරාධනා ලැබෙන්නේ. දැන් මගෙ වයස අවුරුදු 55යි. තවත් ජීවිතයේ කෙටිකාලයයි ගෙවා දමන්න තිබෙන්නේ. අක්කලා දෙදෙනාම විවාහකයි. එහෙත් මම තවමත් තනිකඩයි. බැඳීම් නැති නිසා ජීවිතය බොහොම සරළව ගෙන යනවා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top