ආදරණීය බිරිඳක් සහ සැමියෙකු අතර ඇති බැඳීම හරිම පුදුමාකාරයි. විශ්වාසය , ආදරය , මෙන්ම දුක සැප බෙදාගැනීමටද ඔවුන් එකා මෙන් සැදී පැහැදී සිටිනවා.
ඒ වගේම දරුවෙකු කියන්නෙක් විවාහක යුවලකට ලොකේ තියෙන වටිනාම වස්තුවක්. අද සමාජයේ තාක්ෂණයේ දියුණුවත් සමග ඡායාරූපකරණයක් දැඩි ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා.
අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ විශේෂ ඡායාරූප කිහිපයක් ගැනයි. Brianne Dow නමැති 24 හැවිරිදි තරුණියක් විවාහ වී තිබෙන්නේ Brandon නැමැති තරුණයෙක් සමගයි. Brianne තමන්ගේ කුසේ දරුවෙකු පිළසිඳගෙන තිබෙන බව දැනගත්තාම තීරණය කරනවා සිය සැමියාව පුදුම කරවමින් මේ බව දැනුම් දෙන්න.
පසුව Samantha Boos නැමැති ඡායාරූප ශිල්පිණිය සමග ඇය මෙම පුදුම කිරීමේ වැඩසටහන සූධානම් කරනවා.
Brianne සිය සැමියාට පවසන්නේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් ගැනීම සඳහා අවශ්‍ය වී තිබෙන බවයි.
පසුව ඡායාරූප ශිල්පිණිය සහ ඔවුන් දෙදෙනා උද්‍යානයකට යන අතර එහිදී ඡායාරූප ශිල්පිණිය දෙදෙනා අතට චෝක් ලෑල්ලක් දී ඔවුන් ගැන වචන තුනක් ලියන්න කියනවා.
Brandon ඇය කියූ ලෙසටම Love , Cute , Sweet කියලා ලියනවා. නමුත් Brianne ලියන්නේ “You’re going to be a daddy” කියලයි.
පසුව දෙදෙනා මෙම පුවරු පෙන්වන අතර එතැනදී Brianne ගේ සැමියා Brandonගේ ඇස් දෙක නොදැනිම තෙත් වෙන්නේ තමන් පියෙකු බව දැනගත් නිසායි. නමුත් Brandon කිසිම දිනෙක සිතන්නැතුව ඇති මේ ආකාරයෙන් ඔහුගේ කුළුදුල් දරුවා ගැන දැනගන්නට ලැබේවි කියලා.