Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
04
ඔබේ දරුවා විජලනය වුණොත් මේ දේ කරන්න

- ඔබේ දරුවා විජලනය වුණොත් මේ දේ කරන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views
දරුවෙකුගේ ශරීරයේ සමස්ථ බරෙන් 60-80% ක් පමණ පවතින්නේ ජලයයි. උපතේදී, ශරීරයේ බරෙන් 80% ක් පමණ ජලය පවතින අතර, ක්‍රමයෙන් වයස වැඩිවත්ම ශරීරයේ පවතින ජලය ප්‍රතිශතය අඩුවීම සිදුවේ.

 සාමාන්‍යයෙන්, දහඩිය, මුත්‍රා, මළපහ වැනි තරල සහ ද්‍රව්‍ය මගින් මිනිස් සිරුරෙන් ජලය ඉවත්වීම සිදුවේ. එලෙස ඉවත්වන ජලය ප්‍රමාණය නැවත පිරවීම සඳහා ප්‍රමාණවත් තරම් දියර පානය කරන්නේ නැතිනම්, විජලණය (Dehydration) වීම සිදුවිය හැක. එනම්, ප්‍රමාණවත් පරිදි දියර පානය නොකරන දරුවෙක් විජලණයට ලක්වේ.

එමෙන්ම, ශරීරයේ පවතින ජලය වැඩිපුර ඉවත්වීමට ලක්විය හැකි රෝගයකදී හෝ තත්ත්වයකදී වුවද විජලණය වීම දැකිය හැක. උදාහරණ වශයෙන්, දිගටම පවතින වමනය, දියර ලෙස මළපහ පිටවීම, සහ පරිසර උෂ්ණත්වය ඉහළ යාම දැක්විය හැක. සැබැවින්ම, දරුවා විජලණයට ලක්වුවහොත් කුමක් කල යුතුද?

 

දරුවා විජලණයට ලක්වුවහොත් හඳුනාගන්නේ කොහොමද?

පහත සඳහන් ලක්ෂණ ඔබේ දරුවාගෙන් විද්‍යාමාන වේ නම්, දරුවා විජලණයට ලක්වී ඇතැයි සිතිය හැක.

– මද ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණය දක්වා විජලණය වීම

දිව වියළි ස්වභාවයක් ගැනීම.
දරුවා හඬන විට අඩුවෙන් කඳුළු පිටවීම හෝ කඳුළු පිටනොවීම.
ළදරුවෙකු නම් නොසන්සුන් ස්වභාවයක් ගැනීම.
ළදරුවෙකු නම් පැය 6 ක කාලයක් මුත්‍රා පිටනොකිරීම.
දරුවෙකු නම් පැය 8 ක කාලයක් මුත්‍රා පිටනොකිරීම.
– දරුණු ලෙස විජලණය වීම

දරුවාගේ මුඛය දැඩි වියළි ස්වභාවයක් ගෙන ඇලෙන සුළු බවට පත්වීම.
දරුවාගේ සම වියළී, රැළි ගැසුණු ස්වභාවයක් ගැනීම හෝ ඔබේ ඇඟිළි වලින් දරුවාගේ සමේ නැම්මක් ඇතිකල පසු නැවත මුල් පිහිටුමට ඒමට වේලාව ගතවීම (මෙය විශේෂයෙන් උදරයේ, බාහුවල සහ පාදවල දැකිය හැක).
දරුවා සක්‍රීය නොවීම, අවධානය අඩුවීම, හෝ අධික ලෙස නිදිමත වීම.
ඇස් ගිළුණු ස්වභාවයක් ගැනීම.
ළදරුවෙකුගේ නම් හිසේ උකුණු වල ගිළුණු ස්වභාවයක් ගැනීම.
ළදරුවෙක් නම් පැය 8 ක් හෝ එයට වැඩි කාලයක් මුත්‍රා නොකිරීම.
දරුවෙක් නම් පැය 10 ක් හෝ එයට වැඩි කාලයක් මුත්‍රා නොකිරීම.
වේගයෙන් සහ ගැඹුරෙන් හුස්මගැනීම.
නාඩි වැටෙන වේගය ඉහළයාම හෝ නාඩි වැටීම දුර්වල ලෙස දැනීම.
 

දරුවා විජලණයට ලක්වුවහොත් කුමක් කල යුතුද?

මද ප්‍රමාණයේ විජලණය වීමක් සඳහා නිවසේදීම පිළියම් කල හැක. ඔබේ දරුවාට වමනය වීම නොමැතිව, දියර ලෙස මළපහ පිටවේ නම්, සාමාන්‍ය පරිදි ආහාරපාන ලබාදීම සිදුකල හැක. ඔබේ දරුවාට වමනය වීම ඇත්නම්, කිරි ආහාර සහ ඝන ආහාර ලබාදීම නවත්වා:

ළදරුවෙක් නම් සෑම විනාඩි 15-20 කට වරක් ජීවනී (Oral re-hydration solution or ORS) මේස හැන්දක් බැගින් ලබාදීම සිදුකල හැක. එමගින්, ශරීරයෙන් පහවන දියර සහ ඛණිජ ලවණ නැවත ලබාදීමට හැකියාව ලැබේ.
වයස අවුරුදු 1 ට වඩා වැඩි දරුවෙක් නම්, ජීවනී, තැඹිළි වැනි අවර්ණ දියර සෑම විනාඩි 15-20 කට වරක් තේ හැඳි 1-2 බැගින් ලබාදිය හැක.
නමුත්, ඔබේ දරුවාට දරුණු ලෙස විජලණය වීමක් ඇතැයි හැඟේ නම් හෝ දරුවා දියර පානය කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ දියර පානය නොකරයි නම්, ඉක්මනින් රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කල යුතුය.

 

දරුවා විජලණයට ලක්වීම වළක්වාගන්නේ කොහොමද?

හොඳින් අත් සේදීම, දරුවා විජලණයට ලක්වීමට හේතුවන බොහොමයක් රෝග වැළඳීම වැළැක්වීම සඳහා කලහැකි වැදගත් උපක්‍රමයකි. එමනිසා, නිවසේ සිටින සියළු දෙනා ආහාරපාන ගැනීමට පෙර සහ වැසිකිලි, කැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා හොඳින් අත් සේදීමට පුරුදුවීම කල යුතුය.

රෝගයක් වැළඳුණු විට හෝ විජලණය වීමට ඉඩ ඇති පරිසර තත්ත්වයන් ඇති විට, නිතර කුඩා ප්‍රමාණයන්ගෙන් දියර පානය කිරීමට දරුවාට පුරුදුකරන්න.

දරුවාට වමනය යෑම ඇත්නම්, සජලණය කිරීම සඳහා අවර්ණ දියර පමණක් භාවිතා කරන්න

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top