ගුවන් ගමන අතරතුරදී හෙල්ල ටික කුඩු කරපු Turkish Airlines සමාගම, අන්තිමේදී ඒ කරපු අපරාධයට වන්දි මුදලක් (ප්‍රතිපූරණය) ගෙවන්න එකඟ වෙලා!
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරපු දැඩි විමර්ශනයෙන් පස්සේ තමයි Turkish Airlines නියෝජිතයින්ට මේ විදියට පාඩුව ගෙවන්නම සිද්ධ වෙලා තියෙන්නේ. නිකන්ම "සොරි" කියලා ශේප් වෙන්න හැදුවට ඒක ලංකාවේ අයගෙන් ලේසි වුණේ නෑනේ.
හැබැයි ඒ වන්දි ලැබෙනකල් බලන් ඉන්නේ නැතුව, අපේ ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වෙලා රුමේෂ්ට ඕස්ට්‍රේලියාවෙන්ම අලුත්ම අලුත් හෙල්ල කට්ටලයක් ගෙන්නන්නයි දැන් කටයුතු කරලා තියෙන්නේ. රුමේෂ්ගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහත්තයා කියන විදියට, ලබන 20 වෙනිදා ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් රුමේෂ් ජපානයට යන්න කලින් මේ සුපිරි හෙල්ල සෙට් එක කොල්ලගේ අතට අනිවාර්යයෙන්ම ලැබෙයිලු.
ඒ වගේම ජපානයට ගියාම රුමේෂ්ට පුහුණුවීම් කරන්නත් වෙනම හෙල්ල කිහිපයක් ලබා දෙන්න කියලා ආසියානු මලල ක්‍රීඩා සංගමයෙන් විශේෂ ඉල්ලීමකුත් කරලා තියෙනවලු.
කොහොම වුණත් අපේ කොල්ලව වට්ටන්න කාටවත් බෑ කියන එක මේකෙන්ම පේනවා නේද? අලුත්ම හෙල්ල ටිකත් අරගෙන ජපානෙට යන රුමේෂ්ට, ආසියාවෙත් රන් පදක්කමක් ගේන්න ලැබෙන්න කියලා අපි හැමෝම සුබ පතමු!