මියයන විට ඇය 94 වැනි වියෙහි පසුවුණා.
පුංචි අරවින්ද කුඩා සෙල්ලම් පිත්ත අතින් අල්ලාගත් එදා පටන්, 1996 ලාහෝර් නුවර විදුලි ආලෝකය මැද මුළු ලෝකයම දිනාගත් ඒ අසිරිමත් රාත්‍රිය දක්වාම, අරවින්දගේ හද ගැස්ම අසලින්ම සිටි ලොකුම ශක්තිය වුණේ ඔහුගේ ආදරණීය මවයි.
තරඟයක් අතරතුර පුතා ලකුණක් ලබාගන්නා සෑම මොහොතකම දෑස් පියාගෙන දෙවියන්ට යැදි ඒ ආදරණීය අම්මාගේ නිහඬ කැපවීම නොවෙන්නට, අද අප දකින "අරවින්ද ද සිල්වා" නැමැති යෝධ සෙවණැල්ල ක්‍රිකට් ඉතිහාසයේ ලියැවෙන්නේ නැහැ.
ක්‍රිකට් ලොව ජයග්‍රහණය කරමින් මුළු රටක්ම සතුටින් උද්දාමයට පත් කළ ඒ යෝධ පුත්‍රයාට, අද තමන්ගේ ලෝකයෙන්ම විශාලම ශක්තිය අහිමි වී හදවතින් හඬන මොහොතක් උදාවී තිබෙනවා.
අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පවුලේ සාමාජිකයන් විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව තිබෙනවා.
අපේ රටට අසහාය වීරයෙකු දායාද කළ ඒ ආදරණීය මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා ලැබේවා යැයි පතන්නෙමු..!