කෝවිල ඉදිරිපිට ඇති සුදු ඉර මතින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි තරුණයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
වැලිමඩ දෙස සිට නුවරඑළිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මෙම තරුණයාගේ ගැටී ඇති අතර, අනතුර සිදුවූ සැණින් ක්‍රියාත්මක වූ ත්‍රිරෝද රථ රියදුරා තුවාලකරුට උපකාර කිරීම පසෙකලා රථයද සමඟ එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ සීතා අම්මන් කෝවිලේ ප්‍රධාන පූජකවරයාගේ පුත්‍රයා බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ. තුවාල ලැබූ තරුණයා ප්‍රදේශවාසීන් විසින් වහාම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
අනතුර සිදුකර පලාගිය ත්‍රීරෝද රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අනතුර සිදුවන අයුරු අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා.