ඇගේ සහජ රූපශ්‍රියට වගේම නොමියෙන රංගන ප්‍රතිභාවට ආදරය කරන රසික රසිකාවියන් මුළු ලංකාව පුරාම විසිරී ඉන්නවා.
කලාවේදී වගේම පෞද්ගලික ජීවිතයේදීත් හැමවිටම කතාබහට ලක්වන මාධවීගේ ආදරණීය සැමියා තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල. මේ දෙන්නා එකතු වුණාම නිර්මාණය වෙන ආදරයේ අපූරු සුසංයෝගය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ වන විට සමාජ මාධ්‍ය අවකාශයම එක මොහොතකට නතර කරමින්, ඔවුන් දෙදෙනාගේ අලුත්ම ආදරණීය ඡායාරූප පෙළක් කාගෙත් නෙත් සිත් පැහැරගෙන අවසන්.
ඉතාමත් චමත්කාරජනක පරිසරයක, සියුම් ආදරය සහ බැඳීම මනාව ඉස්මතු වන අයුරින් සිදුකර ඇති මෙම ඡායාරූප ෂූට් එක දුටු කාටත් හැඟෙන්නේ ආදරය සැබවින්ම කෙතරම් සුන්දරද යන්නයි. එකිනෙකා දෙස ආදරයෙන් බලා සිටින ඒ බැල්මවල්, ගැඹුරු ආත්මීය බැඳීමක් ප්‍රකාශ කරන විලාසය සහ ආදරයේ උණුසුම කැමරා කාචයට හසුවී ඇත්තේ හරිම අපූරුවට. තමන්ගේ ආදරණීය සහකරුවා ළඟ මාධවීගේ මුහුණේ ඇඳෙන ඒ අව්‍යාජ සිනහවත්, කසුන්ගේ දෑස්වලින් පෙනෙන සෙනෙහෙබර බවත් මේ ඡායාරූප පෙළ තවත් අර්ථවත් කර තිබෙනවා.
බලන්නකෝ ඒ ෆොටෝ වල ලස්සන..