පසුගිය දවසක ඇය තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමට එක් කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා මුළු සයිබර් අවකාශයම එක මොහොතකට නිහඬ වුණා කිව්වොත් හරි.
ඉතාම ආකර්ෂණීය, ඇස් අදහාගත නොහැකි තරම් සරාගී ඇඳුම් විලාසිතාවකින් සැරසුණු චූලක්ෂි, තමන්ගේ සුන්දර ශරීර හැඩය මනාව ඉස්මතු වන විදිහට කැමරා කාචයට මුහුණ දීලා තිබුණේ කාගෙත් දෙනෙත් වශී කරවමින්.
ඒ ඡායාරූපවල තියෙන තවත් විශේෂත්වයක් තමයි ඇය ඊට යොදා තිබූ අපූරු වැකිය. “Grace, confidence, and a little cinematic magic” (අභිමානය, ආත්මවිශ්වාසය සහ පුංචි සිනමාත්මක මායාවක්) ලෙසින් ඇය ඊට සටහනක් එක් කර තිබුණේ ඇගේ සැබෑ ආකර්ෂණය වචනවලටත් පෙරළමින්.
ආත්මවිශ්වාසයෙන් පිරුණු ඇගේ බැල්මත්, ඒ සරාගී ඉරියව්වත් නිසා ඕනෑම කෙනෙකුගේ හදගැස්ම වැඩි කරවන තරමේ අපූර්වත්වයක් මේ ඡායාරූප පෙළ පුරාම දකින්න ලැබෙනවා.



