තලංගම පළමු ඩිපෝවෙන් පස්සේ, මෙන්න දැන් කඩවත පැත්තේ අයටත් සුපිරි ආරංචියක් අරගෙන දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් නිල වශයෙන් වැඩ අරඹලා!
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත - ගණේමුල්ල පාරේ, මහර ඩිපෝව ළඟින් තමයි මේ නවීන ඩිපෝව විවෘත වුණේ.
මේක නිකම්ම බස් සේවාවක් විතරක් නෙවෙයි; මාකුඹුර - මහරගම හරහා කඩවත යන අංක 01 රූට් එකට අලුත්ම අලුත් මෙට්‍රෝ බස් 15ක්ම බස්සලා සේවාව තවත් ශක්තිමත් කරන්නයි සූදානම. තලංගම, කඩවත විතරක් නෙවෙයි, ඉස්සරහට ඒකල සහ රත්මලානටත් මේ ඩිපෝ එන බවයි වාර්තා වෙන්නේ.
අමාත්‍යවරයා කියන විදිහට මේ මාසය ඇතුළත මෙට්‍රෝ බස් සංඛ්‍යාව 122ක් දක්වාත්, වසර අවසන් වෙද්දී තවත් බස් 50ක් එකතු කරලා මුළු බස් ගණන 172ක් දක්වාත් වැඩි කරන්න නියමිතයි. ඒ විතරක් නෙවෙයි, කොළඹට සීමා නොවී නුවර, ගාල්ල සහ යාපනය වගේ නගරවලටත් මේ මෙට්‍රෝ බස් සේවාව අරන් යනවලු!
ඊටත් වඩා විශේෂම දේ තමයි, ශ්‍රී ලං.ග.ම. එකට මේ අවුරුද්ද අග වෙද්දී අලුතින්ම AC බස් 600ක් ගෙන්වන්නත්, ලංගම සල්ලිවලින් තවත් බස් 200ක් ගේන්නත් ලෑස්ති කරලා තියෙන එක. ඉතින් ඉස්සරහට බස් එකේ ගමන නිකම්ම නිකන් ට්‍රිප් එකක් නෙවෙයි, සුපිරි සුවපහසු අත්දැකීමක් වෙන පාටයි!