ශුභ, අමෘත, ශ්‍රීවත්ස, යනාදී යෝග ගණනාවකින් බලගැන්වෙන කෝටියක් දෝෂ භංග වන ප්‍රබල කේවල සිද්ධි යෝගයක් මාර්තු මස 20 වැනිදා සිකුරාදා උදාවීමට නියමිතයි.
එදින අලුයම 4.05ට රේවතී නැකත උදාවෙයි. එය දවස පුරාම පැවතීම නිසා දිනය පුරාම මේ ප්‍රබල කේවල සිද්ධි යෝගය පවතිනු ඇතියි.
මේ දින විශේෂත්වය වනුයේ, තවත් සුබ යෝග ගණනාවක්ම මෙදිනට යෙදී තිබීමයි.
මේ ප්‍රබල කේවල සිද්ධි යෝග යටතේ ඉතා යහපත් යෝගයක් වන ශ්‍රීවත්ස යෝගයත්, පංචාංග ශුද්ධි චක්‍රය යටතේ ශුභ යෝගයත්, සිකුරාදා අළුයම 4.54 සිට උදාවන දියවක තිථිය එතැන් සිට දිනය පුරාම පැමිණීම මඟින් ප්‍රබල අමෘත යෝගයත් යන යෝග පොකුරම යෙදීම මඟින් මේ කේවල සිද්ධි යෝගයේ ප්‍රබලත්වය ඉතා ඉහළ නංවනු ඇතියි.
ඉතා කලාතුරකින් යෙදෙන මේ සුබ තත්ත්වය 20 සිකුරාදා අලුයම 4.54 සිට ඉදිරියට දිනය පුරාම පවතිනවා. ඕනෑම සුබ කටයුත්තකට මෙදින යොදා ගැනීමෙන් නිසැකවම තම බලාපොරොත්තු ඉටුකර ගත හැකිවනු ඇතියි.
බත් කැවීම, අකුරු කියවීම, හිසකෙස් කැපීම සියලුම ගොවිතැන් කටයුතු, ණය ගණුදෙනු ගිවිසුම් ගත වීම්, වෙළෙඳාම් කටයුතු, වෙහෙර විහාරවල සුබ කටයුතු වැනි ඕනෑම කටයුත්තකට යොදා ගත හැකියි.
මාර්තු 20 වැනිදා වන විට මීන කෝණ දෝෂය යෙදුණද, නිවාස ඉදිකිරීම් ආවාහ විවාහ කටයුතු ආදියටද අවශ්‍ය අයට නිවැරදි ඡ්‍යොතිෂ උපදෙස් පරිදි මෙදිනට යොදා ගත හැකියි.
රේවතී, අස්ලිස, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, පුෂ,අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමියන් සඳහා වඩාත් සීහෙන අතර අවශ්‍ය කටයුතු පළපුරුදු ඡ්‍යොතිර්වේදියකු ලවා සාදවා ගත් සුබ මුහුර්ථයකට අනුව මෙදින සිදු කර ගැනීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ළඟා කරගත හැකිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..