කිකමටවත් හිතුවාද මේ තරම් ලෙඩක් නිසා තමයි ඔබට නින්ද අහිමිවෙන්නේ කියලා..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
රෑට හරියට පැය 8ක් නිදාගත්තත්, පහුවදා උදේට ඇඳෙන් නැගිටින්න බැරි තරමට ඇඟට පණ නැද්ද? දවස පුරාම අමුතුම කම්මැලිකමක්, මහන්සියක් සහ නිදිමතක් දැනෙනවද? ගොඩක් අය මේක "වැඩ කරලා මහන්සියි" හරි "වයසට යනකොට එන සාමාන්‍ය දෙයක්" හරි කියලා හිතලා මඟහරිනවා. හැබැයි මේක එහෙම ලේසියෙන් අතාරින්න පුළුවන් දෙයක් නෙවෙයි, මේක අපේ අක්මාවෙන් (Liver) කෑගහලා ඉල්ලන භයානක රතු එළියක්!
බිංදුවක්වත් මත්පැන් බොන්නේ නැති අයටත්, පිටි සහ පැණි රස කෑම නිසා අක්මාව වටේ තෙල් බැඳෙනවා (Non-Alcoholic Fatty Liver). දාස් ගාණක් දීලා විටමින් පෙති ගිලිනවා වෙනුවට, අපේ කුස්සියේ තියෙන 'කහ සහ ගම්මිරිස්' පාවිච්චි කරලා, අක්මාවේ බැඳුණු තෙල් ටික දියකරලා ඇඟට ආයෙත් යකඩයක් වගේ ශක්තියක් දෙන දිව්‍ය පානයක් ගැන දැනගන්න ඔබත් කැමැත්තෙන් ඇති.
ඇයි ෆැටී ලිවර් ආවාම මහන්සි? මේ පානය ඒකට මැජික් එකක් වෙන්නේ කොහොමද?
අක්මාව කියන්නේ අපේ ඇඟේ තියෙන ප්‍රධානම 'පෙරහනය' (Filter). අක්මාව වටේ තෙල් බැඳුණාම, ඇඟේ එකතුවෙන විෂ (Toxins) හරියට අයින් වෙන්නේ නෑ. මේ විෂ ටික ලේවලට එකතු වුණාම මොළයට සහ මාංශ පේශි වලට දැනෙන මහන්සිය තමයි ඔය උදේට පණ නැති ගතිය විදියට එන්නේ.
කහ වල බලය
කහවල තියෙන 'කර්කියුමින්' කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය මගින් අක්මාවේ ඉදිමුම (Inflammation) අඩු කරලා, තෙල් දිය කරන එක වේගවත් කරනවා. අක්මාව අලුත් කරන සුපිරිම ඔසුව තමයි කහ.
මේක තමයි ගොඩක් අය දන්නේ නැති රහස.. කහ විතරක් බිව්වොත් අපේ ඇඟට උරාගන්නේ 1%ක් වගේ පොඩි ප්‍රමාණයක්. හැබැයි කහවලට ගම්මිරිස් (Black Pepper) චුට්ටක් එකතු කළාම, කහවල ගුණය ඇඟට උරාගන්න එක 2000%කින් වැඩි කරනවා.
අක්මාව සුද්ද කරන කහ-ගම්මිරිස් පානය හදාගන්නා මෙන්න මේ පියවර ගැන දැනගනිමු..
මේ සඳහා අවශ්‍ය වන දේවල්.
පිරිසිදු කහ කුඩු තේ හැඳි භාගයක් (කඩේ තියෙන කලවම් කළ කහ කුඩු ගන්න එපා).
ගම්මිරිස් කුඩු පින්ච් එකක් (ස්වල්පයක්).
මඳ රස්නය ඇති (Warm) වතුර වීදුරුවක්.
නැවුම් දෙහි බෑයක යුෂ.
සාදාගන්නා සහ භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි.
පියවර 1 - මඳ රස්නය තියෙන වතුර වීදුරුවකට කහ කුඩු තේ හැඳි භාගය සහ ගම්මිරිස් කුඩු චුට්ට එකතු කරලා හොඳින් කලවම් කරන්න. (සීනි දාන්න එපා!).
පියවර 2 - මේ පානයට දෙහි බෑයේ යුෂ ටික සම්පූර්ණයෙන්ම මිරිකන්න. දෙහි වල තියෙන විටමින් C මගින් අක්මාවේ විෂ හරණය (Detoxification) තවත් වේගවත් කරනවා.
පියවර 3 - උදේ අවදි වුණු ගමන් හිස්බඩ මේ රන්වන් පානය තේ එකක් වගේ නිවිහැනහිල්ලේ බොන්න. ඉන්පසු පැය භාගයක් යනතුරු කිසිවක් කන්න බොන්න එපා.
සති 2ක් එකදිගට මේ පානය බීලා බලන්න. උදේට ඇඳෙන් නැගිටිද්දී තිබුණු කම්මැලිකම සම්පූර්ණයෙන්ම නැතිවෙලා, දවසම ඇක්ටිව් (Active) එකේ වැඩ කරගන්න පුළුවන් සුපිරිම එනර්ජි එකක් ඇඟට ලැබේවි..
කොහොම වුණත් මෙන්න මේ ගැනත් ඔබ අවදානය යොමු කරන්න. මෙය අක්මාව පිරිසිදු කරන ස්වභාවික පානයකි. නමුත් ඔබට දැනටමත් අක්මාවේ බරපතළ රෝග, සෙංගමාලය (Jaundice) හෝ අධික ගැස්ට්‍රයිටිස් ඇත්නම්, වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණක් ක්‍රියා කරන්න.
අන්තර්ජාලය ඇසුරෙන්..