Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
03
රස වුණාට කමක් නෑ කනබොනකොට මේ ගැනත් සැලකිලිමත් වෙන්න... කවුරුත් කන්න ආසම දිවුළ් ගැන මොකක්ද මේ ඇහෙන කතාව..

- රස වුණාට කමක් නෑ කනබොනකොට මේ ගැනත් සැලකිලිමත් වෙන්න... කවුරුත් කන්න ආසම දිවුළ් ගැන මොකක්ද මේ ඇහෙන කතාව..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

මේ කියන්න යන්නේ රෝගාබාධ රැසකට සුවය ලබාදෙන හොඳ ඖෂධයක් ගැන කතාවක්....


දිවුල්වල මේ තරම් ගුණ අන්තර්ගතයි වගේම දිවුල් කනකොට බොනකොට මෙන්න මේ ගැනත් සැලකිලිමත් වෙන එක වැදගත්...


දිවුල් කියන්නෙ රෝගාබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියකටත් ඒ වගේම ආහාරමය වශයෙන් කොළකැඳ, අතුරුපස ආදිය සඳහාත් ගනු ලබන ඉතා ප්‍රයෝජනවත් ශාකයක්...

ඒ වගේම අතීසාර,ග්‍රහණි, හික්කා, ශ්වාස, අර්ශස් වගේ රෝගවලටත් විෂ නැසීම සඳහාත් දිවුල් උපයෝගී කරගනු ලබනවා.... ශ්‍රි ලංකාවෙ විතරක් නෙමෙයි අසල්වැසී ඉන්දියාවෙත් බොහෝ ප්‍රදේශවල දකින්න පුළුවන් ශාකයක්, ශ්‍රී ලංකාවෙ වියළි ප්‍රදේශවල බොහෝවිට දකින්න පුළුවන්...

ඒවගේම පොදුවෙ ගත්තම අධික ශීතල නොවන සියලුම ප්‍රදේශවල වැවෙන ශාකයක්... දිවුල් ගහ සාමාන්‍යයෙන් අඩි 20 ක් 25 ක් විතර උසට වැවෙන ගහක්, බොහෝ දුරට බෙලි ගහට සමානයි... ඒ වගේම දිවුල් ගහේ පිට පොත්ත සුදු පැහැයට හුරුයි... දිවුල් කොළ ඉතා කුඩායි...

මේ කොළ රාශියක් තියෙනවා එම සියලුම කොළ උඩු අතට පිහිටල තියෙනවා ඒ වගේම මේ ගස්වල හටගන්න මල් ක්‍රමවත්. රතු පාටට හුරු දම් පාට තැනින් තැන ඇති ළා කොළපාට මල් පොකුරු ලෙස තියෙනවා...

මල් රේණු තද රතු පාටයි.. ගෙඩි ගෝලාකාරයි.. තද කටුවකින් ආවරණය වෙලා තියෙනවා.. මේ කටුව සුදු පාටට හුරු අළු පාටයි.. ඉදුණාම කළු පාටට හැරෙනවා... ගෙඩියේ මදය දුඹුරු පාටයි. මදයේ බීජ රාශියක් තියෙනවා..

දිවුල් මද අපි කෑවට ඒවගේම කැඳ බිව්වට මෙතරම් ගුණයි කියල දැනන් හිටියෙ නැහැ නේද ?

දිවුල්වල කොළ, පොතු, මුල්, මල්, ගෙඩියේ මදය සහ මැලියම් කියන කොටස් සියල්ලම බෙහෙත් සඳහා ගනු ලබනවා.

ඒ වගේම දිවුල් මදයේ විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන් ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතයි.

විශේෂයෙන් දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු සමනය වෙනවා. එහි ඇති සංඝටක මළ බද්ධය දුරු කරනවා.

ඒ වගේම බඩේ ඇතිවන රිදිම් .අපහසුතා දුරු කරනු ලබනවා.

එසේම එයට පාචනය, මළබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාව පවතිනවා.

එසේම ලේ පිරිසිදු කිරීමේ ගුණයත් දිවුල්වල පවතිනවා.

දිවුල් ආහාරයක් විදියට කොයි විදියටද වඩා හොද ?

“දිවුල් කෝඩියල, ජෑම්, බීම, ආදිය සඳහා යොදාගනු ලබනවා. ඒ වගේම ඉඳුනු දිවුල් මදය පොල්කිරි සමඟ දියකර මිරිකා සීනි සහ මදක් ලුණු මිශ්‍රකර ගත් විට හොඳ අතුරු පසක් විදියට ගන්න පුළුවන්

ඒ වගේම දිවුල් කොළ කැඳ ශරීරයේ විෂ සමනයට සහ සුදු කබර රෝගීන්ට හොඳ ඖෂධාහාරයක්.

දිවුල් අඩංගු ඖෂධ යෝග ?

අර්ශස් සදහා දිවුල් සහ බෙලි යුෂ පානය හොඳයි.

සුදුකබර සදහා දිවුල් පොතු කෂාය හොඳයි.

මී විෂ සදහා දිවුල් ගසේ පංචාංගය කෂාය බීම ඉතාමත් ගුණදායකයි.

ප්‍රදර රෝග සදහා දිවුල් කොළ සහ උණ ගොබ සමව ගෙන කෂාය කර මී පැණි සමග යෙදීම හොදයි.

වමනයට දිවුල් මදයේ යුෂයට තිප්පිලි කුඩු සහ මී පැණි මිශ්‍රකර වරින්වර බීම හෝ ලේහ කිරීම යෝග්‍යයි.

ඇස් රෝගවලට දිවුල් යුෂයට මී පැණි දමා අදුන් ලෙස ගානු ලබනවා

සූතිකාවන්ගේ ගර්භාෂගත රෝග සඳහා දිවුල් පොතු කෂාය යොදනු ලබනවා.

හිසේ රෝගවලට දිවුල් කොළ යුෂ නානු සාදා හිසේ ආලේප කරනු ලබනවා.

ඒ වගේම කුඩාදරුවන්ගේ බඩේ අමාරුවලට දිවුල් කොළ යුෂ ඉතාමත් ගුණදායකයි.

දිවුල් අඩංගු සංස්කාරික ඖෂධ කිහිපයකුත් තියෙනවා ?

ඒ කපිත්ථාදී පේයාව, කපිත්ථ පංචක තෛලය ආදියයි.

සර්ව ,විෂාදී තෛලය, කෝලශ්ලේෂ්මා තෛලය ආදියේ එක් ද්‍රව්‍යයක් වන්නෙත් දිවුල්.

දිවුල්වලට වෙනත් නම් තියෙනවද?

ඔව් නම් ගොඩක් තියෙනවා.

සිංහල භාෂාවෙන් දිවුල්, ගිවුල්, ජූල් කියන නම් කියවෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top