කඳපොළ ඉඳන් හැටන් බලා අධික වේගයෙන් ගිය ත්‍රීරෝද රථයක්, පාලනය කරගන්න බැරිව අඩි 235ක දැවැන්ත ප්‍රපාතයකට පෙරළිලා තියෙනවා.
ඊයේ (02) දවල් 2:00ට විතර නානුඔය, ක්ලාන්ටන් වත්ත ප්‍රදේශයේදී තමයි මේ බියකරු අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. පාරෙන් ඉවතට පැනපු මේ ත්‍රි රෝද රථය කෙළින්ම ගිහින් නතර වෙලා තියෙන්නේ පහළ තියෙන ඇළ මාර්ගයේයි.
අනතුර වෙන වෙලාවේ ත්‍රීරෝද රථයේ හිටියේ රියදුරා විතරයි කියලා තමයි ආරංචි වෙන්නේ. හැබැයි අඩි 200කට වඩා වැඩි ප්‍රපාතයකට වැටුණු නිසා ඔහු බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කරලා තියෙනවා.
ප්‍රපාතයට පෙරළුණු රෝද තුනට නම් සෑහෙන්න හානි වෙලා තියෙනවා. නානුඔය පොලිසිය කියන්නේ මේ අනතුරට ප්‍රධාන හේතුව රථයේ තිබුණු අධික වේගය පාලනය කරගන්න බැරිවීම කියලයි.