දෙමාපියන්ගේ දහසක් බලාපොරොත්තු පිරිමදිමින් සිටි 13 හැවිරිදි පුංචි දරුවෙකුගේ ජීවිතය නොසිතූ මොහොතක නිමාවී ඇත්තේ මුළු ප්‍රදේශයම ශෝකයෙන් මුසපත් කරමිනි.
පාර අයිනේ සාමාන්‍ය පරිදි ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙකු පිටුපසින් මාරයා පැමිණෙන බව ඔවුන් දැන සිටියේ නැත. හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් පාර අයිනේ සිටි මෙම දරුවන් දෙදෙනාගේම ගැටී ඇත්තේ ඇසිපිය හෙලන මොහොතකිනි.
අනතුර සිදුවූ සැනින් ප්‍රදේශවාසීන් එක්ව බරපතළ තුවාල ලැබූ දරුවන් දෙදෙනාව හලාවත රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තත්, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී 13 හැවිරිදි වියේ පසුවූ දරුවා අවසන් හුස්ම හෙළා තිබේ. මියගිය දරුවා හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් තුවාල ලැබූ අනෙක් දරුවා තවමත් රෝහල් ප්‍රතිකාර ලබනවා.
සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ බිංගිරිය පොලිසිය අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබේ. රියදුරාගේ නොසලකා හැරීමක්දනැතහොත් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව පොලිසිය දැන් පරීක්ෂණ පවත්වයි.