හිතාගන්නවත් බැරි විදියට ඇසිපිය හෙළන සැණින් සිදුවූ මේ අනතුර මුළු ප්‍රදේශයම කම්පනයට පත් කරලයි තියෙන්නේ.
රත්නපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ඉන්ධන බවුසරයක ගැටීමෙන් තමයි මේ විනාශය වෙලා තියෙන්නේ. අනතුරේ වේගය කොච්චරද කියනවා නම්, ත්‍රීරෝද රථයේ ගමන් කළ තරුණිය ඉන් පිටතට විසි වී ගොස් තිබෙනවා. අවාසනාවකට ඇය විසි වී වැටී ඇත්තේ පැමිණි බවුසර් රථයටම වන අතර, බවුසර් රථයට යටවීමෙන් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන්ව වහාම රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණා.
අනතුරට සම්බන්ධ බවුසර් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ආරංචිය ලැබෙන්නේ.