ඒකට හේතුව වුණේ ගම්පහ මිරිස්වත්ත මංසන්ධියේදී සිද්ධ වුණු අමුතු විදියේ කාර් අනතුරක්.
අද උදේ 08:00ට විතර කොළඹ පැත්තේ ඉඳලා ආපු කාර් එකක් පාලනය කරගන්න බැරිව පාර අයිනේ තිබුණු විදුලි පහන් කණුවක "ධඩාස්" ගාලා වැදිලා තියෙනවා.
පහරේ සැරටම විදුලි කණුව මුලින්ම ගැලවිලා පාර මැදට වැටීම නිසා කොළඹ දෙසට දිවෙන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වුණා. මේ නිසා පැය කිහිපයක් යනකම්ම පාරේ ලොකු වාහන තදබදයක් තිබුණා කියලා තමයි ආරංචිය.
අනතුර වෙච්ච වෙලාවේ කාර් රථය ඇතුළේ දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඔවුන් දෙදෙනාම තුවාල ලබා තිබුණු නිසා වහාම ගම්පහ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. වාහනයට නම් සෑහෙන්න හානි වෙලා තියෙනවා කියලා තමයි පින්තූරවලින් පේන්නේ.
සිද්ධිය වුණු සැනින් යක්කල පොලීසිය මැදිහත් වෙලා මාර්ගයේ වැටී තිබුණු විදුලි කණුව ඉවත් කරලා පාර යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කරලා තියෙනවා. මේ වන විට රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. මේ අනතුර වුණේ කොහොමද කියලා යක්කල පොලීසිය දැන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.