විශේෂයෙන්ම සේවයේ නියුතු හෙදියන් දෙදෙනෙකුට මෙම වෛරසය ආසාදනය වීමත් සමඟ බොහෝ දෙනා සිටියේ දැඩි බියකින්.
නමුත් දැන් ලැබෙන අලුත්ම තොරතුරුවලින් කියවෙන්නේ එම බිය තවදුරටත් අවශ්‍ය නොවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිල වශයෙන් තහවුරු කර ඇති පරිදි, ආසාදිත හෙදියන් දෙදෙනා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 196 දෙනෙකු හඳුනාගෙන පරීක්ෂණ පවත්වා තිබෙනවා. එම සියලුම දෙනාගේ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි.
වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දීය මධ්‍යම රජය සහ ප්‍රාන්ත සෞඛ්‍ය අංශ ක්ෂේත්‍ර විමර්ශන කටයුතු සහ රසායනාගාර පරීක්ෂණ තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. මේ දක්වා ප්‍රදේශයෙන් අලුතින් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති වීම විශාල ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන්නේ.
මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පලතුරු වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට බෝවන බව සොයාගෙන තිබෙනවා. බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනය කිරීම සඳහා නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.