පාසල් වෙලාව අවසන් වෙන්න ආසන්නව තිබියදී, ක්‍රීඩා පිටියේ එක තැනක දූවිලි සහ කොළ රොඩු එකවරම අහස දෙසට කැරකෙමින් ඉහළට යන්න පටන් අරන් තියෙනවා. හරියට හොලිවුඩ් චිත්‍රපටියක දර්ශනයක් වගේ, තත්පර ගණනක් ඇතුළත මේ සුළං සුළිය අඩි ගණනාවක් ඉහළට විහිදී ගිය බවයි ඇසින් දුටුවන් පවසන්නේ.
ඒ වෙලාවේ පිට්ටනිය අසල හිටපු කුඩා දරුවන් මේක දැකලා කෑගහන්න පටන් අරන්. වාසනාවකට වගේ මේ සිදුවීමෙන් කිසිම දරුවෙකුට හෝ පාසල් දේපළවලට හානියක් වෙලා නැහැ.
මේක අද්භූත බලවේගයක් නෙවෙයි, විද්‍යාත්මකව මේකට කියන්නේ "Dust Devil" තත්ත්වයක් කියලා. පොළොව අධික ලෙස රත් වෙලා තියෙන වෙලාවක, ඒ රත් වුණු වාතය වේගයෙන් ඉහළට යන්න උත්සාහ කරද්දී මෙන්න මේ වගේ කැරකෙන සුළං සුළි හැදෙනවා.
සම්පුර්ණ වීඩියෝව මෙතනින්.
https://www.facebook.com/share/r/17zUS6jNqQ/