මෙය බස් රථයක් සහ අවන්හලක් (Restaurant) එක්ව සැකසූ නව සංකල්පයක්. මෙහි ඇති විශේෂත්වය වන්නේ සුඛෝපභෝගී හෝටලයක ඇති සියලුම ආහාර පාන සහ විවේකී පහසුකම් සහිතව, එකම තැනක නොසිට සුන්දර ස්ථාන නරඹමින් සංචාරය කිරීමට අවස්ථාව ලැබීමයි.
දඹුල්ල මහා නගර සභාව සහ ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම බස් රථය, සාම්ප්‍රදායික ප්‍රධාන පාරවල් වෙනුවට සුන්දර ග්‍රාමීය මාර්ග ඔස්සේ ගමන් කිරීම විශේෂත්වයක්.
දඹුල්ල, පැල්වෙහෙර සහ ඉනාමලුව හරහා කිඹිස්සට.සීගිරිය සහ පිදුරංගල වැනි ඓතිහාසික ස්ථාන නැරඹීමට අවස්ථාව.රන්දෙනි වැව, ඉබ්බන්කටුව සහ කන්දලම ජලාශ අසලින් යන සුන්දර ගමනක්.
අද දින සිය මංගල ගමන ආරම්භ කළ මෙම බස් රථයේ ගමන් ගත් දෙස් විදෙස් සංචාරකයන්ට, කුඹුරු යායන් සහ වැව් තාවුලු නරඹමින් බස් රථය තුළදීම රසවත් ආහාර වේලක රස බැලීමට අවස්ථාව හිමිවුණා. සීගිරිය වටා දිනක් ගත කරන සංචාරකයින්ට මෙය අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානයි.