එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ පීඩන අවපාතය මේ වන විට දුර්වල වී ඇති බවයි. මේ හේතුවෙන් අද (11) සිට දිවයිනේ කාලගුණයට එම පද්ධතියෙන් එල්ල වූ බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පද්ධතිය දුර්වල වුවත් තවමත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. උතුර, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර: විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. වයඹ සහ මධ්‍යම පළාත් වලටත් වැසි වාර කිහිපයක්. සෙසු ප්‍රදේශ සඳහා සවස හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි.
වැස්ස අඩු වුවත් සුළඟේ වේගය තවමත් පවතින බව කාලගුණය පවසයි. විශේෂයෙන් උතුරු, වයඹ, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 දක්වා තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.