සමාජමාධ්‍යයේ අද වෙනකොට ඔහුගේ පවුලේ ඡායාරූප බොහෝමයක් සංසරණය වෙනවා. ඔහු මේ වගේ තීරණයක් ගත් විට බොහෝ දෙනා නැවතත් කතා කලේ මේ ක්‍රීඩකයාගේ දරුවන් ගැන.. ඒත් මේ ගැන වසීම් කිව්වේ වෙනස්ම කතාවක්.
2019 වසරේදී යුග දිවියට පිවිසි ඉමාඩ් වසීම් සහ සනියා අෂ්ෆැක් යුවළ වසර 6ක විවාහ ජීවිතයෙන් පසු මෙලෙස වෙන්වීමට තීරණය කර ඇති ඔවුන් දෙපලට දරුවන් තිදෙනෙකු සිටිනවා.
තමන්ගේ සහ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, සමාජ මාධ්‍යවල පැරණි ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙසත් ඔහු මහජනයාගෙන් ඉල්ලා සිටි 37 හැවිරිදි ඉමාඩ් වසීම් පවසා සිටියේ,විවාහය බිඳී ගියද, තම දරුවන්ගේ පියා ලෙස සියලු වගකීම් උපරිමයෙන් ඉටු කරන බවයි.
මෙම පෞද්ගලික කරුණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරුවන පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගන්නා බවද ඔහු පවසා තිබුණා.