දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධිකරණ නියෝග මත රැකබලා ගැනීමට ලබාදී සීටි විදේශීය පරෙවියන් 32 ක් ඉකුත් ඔක්තෝබර් 04 වනදින සොරකම් කිරීමේ සිද්ධීයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරෙවියන් 15 දෙනකු සමග සැකකරු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත් සැකකරු දෙහිවල ,නැදිමාල ඩී.බී.ජයතිලක මාවත පදිංචි 24 හැවිරිදී සූපවේදියකු බවයි.
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනු පරෙවියන් ගුවන් තොටුපලදී රේගු බාරයට ගෙන අධිකරණය වෙත යොමුකර පරීක්ෂණ නිම වන තෙක් රැක බලා ගැනිම සදහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දී තිබිය දී ඉකුත් ඔක්තෝබර් 04 දින රාත්‍රි සූක්ෂම ලෙස පරෙවියන් 32 සොරකම් කර ඇතිි බව පාලනාධිකාරිය විසින් සිදුකල පැමිණිල්ලක් මත පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු කළා.
මෙහි පරීක්‍ෂණ කටයුතු අතර තුර ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලැබුණ පෞද්ගලික තොරතුරක් මත කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකල විමර්ශනවලදී නැදිමාල ප්‍රදේශයේ නිවසක සොරාගත් පරෙවියන් 15 දෙනා සිටිය දී සොයා ගත්තා.
අත්අඩංගුවට පත් සැකකරු අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.