ඔන්න ඉතින් එතුමාගේ උපන්දිනය වෙනුවෙන් ගොඩක් අය සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඒ අතර එක විශේෂ සුබ පැතුම් පණිවිඩයක් ද වුණා.ඒ තමයි හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක් කළ සුබ පැතුම් පණිවිඩය.
ඔහු මහින්ද රාජපක්ෂට සුබ පතමින් වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද දුරකථනයෙන් කෙටි අදහස් හුවමාරුවක නිරත වී ඇති බවයි වාර්තා වෙලා තියෙන්නේ.. මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහනුවර බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වලට ද අද දින සහභාගි වීමට නියමිත බවද වාර්තා වෙනවා.