අමෙරිකාවේ කෙන්ටකි හි ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ටික වේලාවකට පසු කඩා වැටී තිබෙනවා.
අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ
ගුවන් යානය අනතුරට පත්වන විට එහි ඉන්ධන ලීටර් 144,000 ක් ගබඩා කර තිබූ බවද වාර්තා වනවා
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ පිහිටි ලුයිස්විල් මුහම්මද් අලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී මෙම දරුණු ගුවන් යානා අනතුර සිදු වුණා
මේ එම ගුවන් යානය ෆ්ලයිට් රේඩාර් ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවේ සටහන් ව ඇති අයුරුයි
මෙලෙස අනතුරකට ලක් ව ඇත්තේ ලුයිස්විල් ගුවන්තොටුපළේ සිට ගුවන්ගත වී හවායි දූපත්හි පිහිටි හොනොලුලු හි ඩැනියල් කේ. ඉනූයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පියාසර කිරීමට නියමිතව තිබු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්
එරට වේලාවෙන් පස්වරු 5:15 ට පමණ, ගුවන් යානය ලුයිස්විල් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී කෙටි දුරක් ගමන් කළ අතර සුළු මොහොතකින් අනතුර සිදු වුනේ මෙලෙසින්
ගුවන් යානය ධාවන පථය අවසානයේ ගුවන්ගත කිරීමට උත්සාහ කළද, එය පාලනයෙන් ගිලිහී ගොස් නැවත බිම පතිත වී තිබෙනවා .
යානය කඩා වැටී ඇත්තේ ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි කාර්මික කලාපයකට සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකටයි
හවායි බලා යන ගමන සඳහා අවශ්‍ය වූ විශාල ඉන්ධන තොගයක් යානයේ ගබඩා කර තිබීම හේතුවෙන්, දැවැන්ත ගිනි ජාලාවක් සහ ඝන කළු දුමාරයක් පැතිර එම ප්‍රදෙශය පුරා පැතිර තිබුණා.
ගුවන් යානය අනතුරට පත්වන විට එහි ඉන්ධන ලීටර් 144,000 ක් තිබී ඇති අතර ගුවන් යානය පොලවට පතිත වීමට පෙරම පුපුරා යාමට එය හේතුවක් වි තිබෙනවා.
අනතුරට ලක්වූයේ UPS-United Parcel Service සමාගමට අයත් මැක්ඩොනල් ඩග්ලස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන අතර අනතුර සිදු වන විට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් සිට තිබුණා.
අනතුරින් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා තුවාල ලැබූවන් අතර බරපතළ තුවාල ලැබූවන් ද සිටින බවයි වාර්තා වන්නේ.
යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තා වි නොමැති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානවල සේවයේ නිරතව සිටි අය බවටද සැක කරනවා.
අනතුර සම්බ්න්දයෙන් අදහස් දක්වමින් කෙන්ටකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙය 'දැවැන්ත ඛේදවාචකයක්' බවයි.
මට තහවුරු කළ හැකි කරුණක් නම්, අනතුරට ලක්වූ ගුවන් යානයේ විශේෂයෙන්ම අන්තරායකර භාණ්ඩ නොතිබූ බවයි. එම ස්ථානය අවට සිටින අයට පාරිසරික ගැටලුවක් ඇති කළ හැකි ආකාරයේ භාණ්ඩ එහි තිබුනේ නැ. යානය කඩා වැටුණු ආකාරය සහ එය ගැටුණු ස්ථානය නිසා එවැනි තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබෙනවා.
අනතුරට හේතුව පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය යන ආයතන ඒකාබද්ධව මෙම විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ
ගුවන් යානය ගුවන්ගත වන අවස්ථාවේ වම් එන්ජිමේ ගින්නක් හටගැනීම සහ එන්ජිම කඩා වැටීම වැනි දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී ඇත්ද යන්න පිළිබඳව විමර්ශකයන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා
අනතුරට පෙර නියමුවන්ට යානයේ ඇතිවූ දෝෂයක් පිළිබඳව වාර්තා කිරීමට අවස්ථාවක් ලැබුණේ දැයි සොයා බැලීමට ද නියමිතය