ඒ පසුගිය වසරේ මුළු දිවයිනම ආවරණය කෙරෙන පරිදි සිදුකළ ජන හා නිවාස සංගණනයේ දත්ත උපයෝගී කරගනිමින්.
ඒ අනුව, සමස්ත ජනගහණයෙන් කාන්තාවන්ගේ ප්‍රතිශතය 51.7% ක් වන අතර, පිරිමින්ගේ ප්‍රතිශතය 48.3%ක් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යාලේඛනවල සඳහන්.
එමෙන්ම, පුමිතිරි අනුපාතය සටහන් වන්නේ කාන්තාවන් 100 කට පුරුෂයින් 93.3 ක් ලෙසින්.
එහිදී වයස අවුරුදු 15 ට අඩු පුද්ගලයින් සංඛ්‍යාව 2012 ට සාපේක්ෂව 4.5% කින් අඩු වී ඇති අතර, වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 2012 ට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා.
එමෙන්ම ,අවුරුදු 15 - 64 අතර පිරිස 66.7% ක් ලෙසයි එම වාර්තාවේ සඳහන්.
රටේ ජනවාර්ගික බෙදීම සිංහල - 74.1%, දෙමළ - 12.3%, මුස්ලිම්/යෝනක - 10.5%, ඉන්දියානු දෙමළ - 2.8%, ලෙසයි දැක්වෙන්නේ.
2012 ට සාපේක්ෂව, ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සමස්ත ජනගහණය අතර ඉහළම වර්ධන වේගය වාර්තා කර ඇති අතර, එය මුළු ජනගහණයේ වර්ධන වේගය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩියි.
උතුරු, නැගෙනහිර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ජනගහණයෙන් 70% කට වඩා සිංහල ජනතාව වන අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකික දෙමළ සංඛ්‍යාවේ 7.7% ක සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබෙනවා.
අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඉන්දියානු දෙමළ ජනගහණය ද සැලකිය යුතු ලෙස අඩුවී තිබෙනවා.
එමෙන්ම, බෞද්ධ - 69.8%ක්ද, හින්දු - 12.6%ක්ද, ඉස්ලාම් - 10.7%ක්ද, රෝමානු කතෝලික - 5.6%ක්ද, ක්‍රිස්තියානි - 1.3%ක්ද, ලෙස එම සංගණන වාර්තාවේ සඳහන්.