මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්න හටගෙන ඇති අතර, කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් යොදා ගින්න මැඩපැවැත්වීම සිදුකරන බවයි දැනගන්න ලැබෙන්නේ.
මේ අතර, දෙවන මහලේ පැවති ගින්න හේතුවෙන් තෙවන මහලේ සිරවී සිටී අයවළුන් බේරාගැනීමට දිගු ඉනිමඟක් ආධාරයෙන් ගිනි භඨයින් තෙවන මහලට ගොඩවීමට සමත්ව තිබෙනවා.
හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයන් ඉවතට ගෙන ඇති බවත් දෙවන සහ තුන්වන මහලේ නවාතැන් ගෙන සිටි අට දෙනෙකු සුරක්ෂිතව පහලට ගැනීමට කටයුතු කළ බව ගිනි නිවන ඒකකය සදහන් කරනවා.
කාමරවල තිබූ ගුවන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි මෙන්ම දේපළ රැසකට මෙම ගින්නෙන් හානි සිදුව ඇති ාතර, ගිනි නිවන ඒකකය සදහන් කරයි ගින්නෙන් දුම ආග්‍රහනය වූ අයවලුන්ට ගිලන් රථවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රථමාධාර සඳහා යොමුකළ බවයි.