ජයලත් මනෝරත්නයන් කියන්නේ ශ්‍රී ලංකේය කලාවට මහගු සේවයක් කළ කලාකරුවෙක්.
ඔහුගේ රංගන ප්‍රතිභාව සිනමාව, පුංචි තිරය තුළ පමණක් නොව සජීවී මාධ්‍යක් වූ වේදිකාව තුළදීත් නිරන්තරයෙන්ම දැකගන්න ලැබුණා.
ඒ රංගධරයාගේ රංගන ප්‍රතිභාවේ මතකයන් පමණක් මේ වනවිට ඉතිරිව තිබෙනවා.
අප අතරින් සදහටම සමුගත් ඔහුගේ ජන්ම සංවත්සරය සිහිපත් කරමින්, ඔහුගේ පුතණුවන් භානුක මනෝරත්න සිය මුහුණුපොතට සටහනක් එක්කර තිබෙනවා.
