Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
23
සංසාරික පින්බල මහිමයෙන් ඔබ තව තවත් ශක්තිමත් කරන ග්‍රහ යෝග ගැන ඇසෙන කතාව මෙන්න..

- සංසාරික පින්බල මහිමයෙන් ඔබ තව තවත් ශක්තිමත් කරන ග්‍රහ යෝග ගැන ඇසෙන කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,090 Views
විවිධ කාරණා මත ජෝතිශ්‍යයේ ඇස් විවිධ දිශාවලට යොමුවෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් කාරණයක් ගැන ඇසෙන කතාවයි.. 

නැප්චූන් සමඟ යුද්ධයෙන් ඊයේ දිනයේ බුධ පරාජය වුව ද මීන, මිථුන, කන්‍යා, ධනු, ලග්න සතරට පංචමහා පුරුෂයෝග අතරින් මාලවියෝග බලයෙන් ජනප්‍රියත්වය හා ජනප්‍රසාදය ද මේෂ, සිංහ, මිථුන, තුලා, ධනු, කුම්භ ලග්නවලට සිංහාසන යෝගයෙන් බලය හා ධනයද වෘශ්චික, කටක ලග්නවලට පරිවර්තන යෝග බලය සහ කුම්භ, මකර, තුලා, වෘෂභ, කන්‍යා, ආශ්‍රිත ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී යෝග බලයද කන්‍යා, මකර ආශ්‍රිත ධර්ම කර්මාධිපති යෝගයද කටක, තුලා, මකර, මේෂ රාශි සතරට අඟහරු රුචක යෝග බලය ද නීච භංග රාජයෝග සමඟ වෙශී වොශී උභයචාරී යෝගබල ජන්ම රාශි දොළසටමද යෙදීමෙන් අලුත් අවුරුද්ද ගත වන්නේ බොහෝ දෙනාට සුබපල අත් කර දෙමිනි.

වර්තමානයෙහි මව්කුස පිළිසිඳින සුපින්වන්ත දරුදැරියන්ට භාග්‍යමත් බවක් මතු කෙරෙයි. අතිප්‍රබල ග්‍රහකිරණ ශක්තිය නිසා මේ කාලපරාසයේ උපදින සියලුම දරුවන් අතිප්‍රබල, මානුෂික ගුණාංග යුත්, උතුම් පිරිසක් වීමෙහි භාග්‍ය ලබනු ඇත.

කෙසේ වෙතත් මේ සමය බහුතර පිරිසකට ශාරීරික සුවතාවයේ මඳ බවක් ගෙන දෙනු ඇත. බුධගේ පරාජිත බවෙන් මානුෂික, අධිකරණ, සෞඛ්‍ය, ආර්ථික ක්ෂේත්‍රයන්හහි අතෘප්තිකර බවක් මතු කරයි.

එහෙත් බුද්ධියට දැනුම අවබෝධයට මෙන්ම සූසැටක් ශිල්ප ශාස්ත්‍රවලට, සන්නිවේදන මාධ්‍යයට, ක්‍රීඩා කෞශල්‍යයට කාරක බුධ, සාගර මුහුදු ගංගා දැවැන්ත මහා ජලාශයනට ගංවතුරට නියඟයට වස විසට වයිරස් විසකාරකයනට ද අධිපතීත්වය දරන අතර නැප්චූන් හෙවත් වරුණ සමඟ ග්‍රහයුද්ධය සිංහල අවුරුදු සමඟ සෞරග්‍රහ මණ්ඩලයෙහි යෙදෙන පළමුවෙනි ග්‍රහ යුද්ධය ලෙස සිද්ධ විය. මෙකී ග්‍රහ චාරයෙන් විශ්වය පුරා දියුණුව ලබා ඇති මහාදීප ආශ්‍රීත රාජ්‍යවල කර්මාන්ත වෙළෙද ව්‍යාපාර ආනයන අපනයන ක්ෂේත්‍රවල උපරිම දියුණුව, භාග්‍යය වාසනාව මතු කෙරෙනු ඇත.

විවිධ දූෂිත ක්‍රියා, පාරිසරික හානි, අබිරහස් කුමන්ත්‍රණ නීතිවිරෝධී ප්‍රචණ්ඩ මැරක්‍රියා බහුල විය හැකිය.

නීති විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් බහුලවී යාමෙන් ආරාවුල් මතභේද මතු කෙරෙයි. දැවැන්ත ව්‍යාපෘති සංවර්ධන සැලසුම් සක්‍රිය කෙරෙනු ඇත. නාවුක, ගුවන්, මුහුදු මාර්ග, මහාමාර්ග ආශ්‍රිත ගැටලු, අනතුරු මතු කෙරෙයි.

වසංගත තත්ත්වය මෙන්ම මානසික විපරීත විසමතා බහුල කෙරෙයි. කාලගුණික, දේශගුණික විපර්යාස මෙන්ම දේශපාලනික, කලා, ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල ද යම් යම් විකෘති කර ස්වභාවයන් දක්නට ලැබෙයි.



මේෂ රාශිය

සිංහාසන රුචක රවි උච්චය ද සමඟ නීච භංග රාජ යෝගයද වෙශි වොෂී උභයචාරි යෝගබල උදාවී නව අවුරුද්ද භාග්‍යමත් වන්නේය. හදිසි තීරණ තීන්දුවලින් දුරස්ථව, නොහැකියාව ජප නොකර උත්සාහය, උනන්දුව වර්ධනය කරගැනීම යහපත් වෙයි. ඔබගේ යම් යම් අඩුලුහුඩුකම් මානසික දුර්වලතා දුරු කර ගනිමින් අභිමානවත් ගමන්මඟකට පිවිස ජීවිතය විජයග්‍රහණයට කරගැනීමට සුදුසු කාලයයි.

වෘෂභ රාශිය

ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී යෝග බලය නීච භංග රාජයෝග බලය, වෙශීවොශී උභයචාරි යෝගබලය ඔබහට ලැබෙන ජවබල සම්පන්න නවවසරක උදාව විජයග්‍රාහි ගමන් මඟකට සුබවාදි වන්නෙකි. උත්සාහය, උනන්දුව, වීර්යය වික්‍රමය වඩාත්ම ඵලදායි වන්නේය. ධර්මකෝණයද සවිබල වී 11 වැන්න වූ අයස්ථානය අතිප්‍රබල වෙයි. ලබන්නාවූ නව වසර වෘෂභ ලග්නයට මහත් සතුට ගෙන දෙනු ඇත.



මිථුන රාශිය

මාලවියෝගය සිංහාසන යෝගය, නීච භංග රාජයෝගය වෙශිවොශී උභයචාරි යෝගබල නව වසර පුරා ඔබගේ අපේක්ෂා ඉටුවීමෙහිලා භාග්‍යය උදා කරයි. සංසාරික පින්දහම් බලය උතුරායන කාලපරාසයකි. නවගමන් මඟකට ප්‍රවේශවෙමින් ඉලක්කරා යොමුවන්න. සිත සහ සිතිවිලි ජවබල සම්පන්න කොට ජීවිතය ජයගන්න. දුක ශෝකය නැතිබැරිකම් දුරුකොට අභියෝග මැඬගෙන පෙරමුණ ගත යුතු සමයකි.



කටක රාශිය

පරිවර්තන, රුචක, නීච භංග, වෙශී, වොශී උභයචාරි යෝග බලයද ලබමින් නව අවුරුදු සොම්නසින් සිතිවිලි ජවබල සම්පන්නව විජයග්‍රාහී අරමුණු රැසක් ඉෂ්ඨ කරගැනීමට උත්සාහ ගන්නා කාලයකි. සාරධර්ම සුරැක ජීවන ගමනට පිවිසීම සුබවාදී වෙයි. දුක ශෝකය මඟහැර පී‍්‍රතිමත් ජීවන ගමන් මඟකට ප්‍රවේශ වන්න.



සිංහ රාශිය

සිංහාසන, නීචභංග, වෙශී වොශී, උභයචාරි භාග්‍යමත් යෝගබලය තුළින් නව වසර පුරා ශුභවාදී බවක් ගෙනෙනු ඇත. අභිමානය රැගත් නවවසරෙහි නව ගමන්මඟට ආශිර්වාදය වර්ධනය කොට සිතිවිලි ප්‍රාණවත් කර ගන්න. ඉලක්ක කරා හඹා යන්න. උත්සාහය, උනන්දුව තුළින් අභිමතාර්ථයන් සපල කර ගත හැකි වනු ඇත.



කන්‍යා රාශිය

මාලවී, ශ්‍රී විෂ්ණුූ ලක්ෂ්මී, ධර්ම කර්මාධිපති, නීච භංග, වෙශී වොශි උභයචාරි යෝග බල නව වසර පුරා සිත ධෛර්යමත් කොට ගෙන අරමුණු සඵලකොට ගැනීමට හේතු වන්නේය. උත්සාහවන්තව ඥාති හිතෛෂීන් සමඟ පවුලේ උණුසුම් ප්‍රාර්ථනා සඵලකොට ගෙන අභිමානයෙන් යුතුව ජීවත් වීමට උත්සාහය, උනන්දුව සක්‍රිය කොට ගන්න. ජීවන ගමන් මඟෙහි ඉලක්ක ප්‍රාණවත්කොට සියලු සත්වයාට මෛත්‍රිය පතුරවන්නට පුරුදු වන්න.



තුලා රාශිය

සිංහාසන, ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී, රුචක, නීචභංග වෙශී වොශී, උභයචාරි යෝගබල උපරිමයටම උදාවෙමින් සංසාරගත පාපකර්ම අහෝසි වී යාමෙහි ප්‍රවණතා බලයද නව වසර උදාවෙහි සිට බලපානු ඇත. දෙස්විදෙස් සංචාරවලට සුබය. නව අවුරුදු උදාව සමඟ ඥාති හිතෛෂීන් අතර සුභදතාවය වර්ධනය කෙරෙයි. අභිමානණීය ගමන් මඟකට ඔබගේ ජවබල ශක්තිය යෙදවිය යුතුය.



වෘශ්චික රාශිය

පරිවර්තන, නීච භංග, වෙශී වොශී, උභයචාරි යෝගබලය නව වසර පුරා උදාවී අභිමතාර්ථ සඵල කරගැනීමෙහි භාග්‍යය උදා කරයි. අරමුණු කරා හඹායෑමට ත්‍රිකෝණ, ෂඩ්කෝණ, සප්තම දෘෂ්ටි තුළින් අසීමිත ජවයක් ඔබ කරා පැමිණ ඇත. කාලය, ශ්‍රමය මෙන්ම සිත සිතිවිලි ජවබල ගන්වා බලාපොරොත්තු ඉටුකරගැනීමෙහි උත්සාහවන්ත වන්න. සාංසාරික දෝෂ ද අහෝසි වී ඥාති හිතෛෂීන්ගේද ආශිර්වාදය ගලා එන කාලපරාසයකි.



ධනු රාශිය

මාලවි, සිංහාසන, නීච භංග, වෙශි වොශී, උභයචාරි යෝගබල උදාව පවතින නව අවුරුදු සමයෙහි අභිමතාර්ථ සඵල කොටගෙන උතුම් ජීවිතයකට මඟ සලසාගත හැකිය. ආශිර්වාදාත්මක ක්‍රියා කලාපයක යෙදීමට සිත ධෛර්යමත් කොට ගන්න. අරමුණු සඵල කොටගෙන අභියෝග ජයගන්න. සිතැඟියාවන් ඉටුකර ගැනීමෙහි උත්සාහය උනන්දුව වර්ධනය කොටගෙන නව වසර පුරා කටයුතු ජය ගැනීමට හිතවාදී ග්‍රහචාරයකි.



මකර රාශිය

ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී, ධර්මකර්මාධිපති, රුචක, නීචභංගරාජ, වෙශි වොශී, උභයචාරී යෝගබල උදාව පවතින මේ නව වසරෙහි අරඹන ලද කටයුතු සහ අරමුණු සඵල කොට ගෙන උදාරගමන් මඟකට ආශීර්වාද ලබාගන්න. සාංසාරික පින්දහම්වල බලය නිර්මාණාත්මක කාර්යයභාරයන් ඉටුකර ගැනීමෙහි වාසනාව උදා කරනු ඇත. හදිසි තීරණ තීන්දු නොගෙන සාමකාමීව කාලය ගත කරන්න.



කුම්භ රාශිය

සිංහාසන, ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී, නීචභංග රාජ, වෙශී වොශී, උභයචාරි යෝගබල යෙදී ඇති මෙකී නව වසරෙහි උදාර ගමන්මඟක විජයග්‍රාහීව ගමන් කිරීමෙහි ශක්තිය ධෛර්ය ඔබ ලබා ඇත. නව වසරෙහි සිතැඟියාවන් සඵලකොට ගැනීමෙහි අධිෂ්ඨානශීලී ගමන්මග අරඹන්න. සාංසාරික පුණ්‍යකර්ම අනේකවිද ග්‍රහණය කෙරෙහි භාග්‍යය මතු කරනු ඇත. උත්සාහය, උනන්දුව මත විජයශ්‍රීය උදාකරගැනීමෙහි ශක්තිය ලැබෙනු ඇත.



මීන රාශිය

මාලවි, නීච භංගරාජ, වෙශී වොශී, උභයචාරි යෝග බලද ත්‍රිකෝණ, චතුර්කෝණ, ෂඩ්කෝණ, සප්තම කෝණ තුළින් උදාර ගමන් මඟකට නව වසර මඟ පාදනු ඇත. බාධක අවහිර දුෂ්කරතා දුරුවී අපේක්ෂාවන් ඉටුකර ගැනීමෙහි භාග්‍යය වසර සමාරම්භයෙහි සිට පවතිනු ලබයි. සංසාරික පින්දහම් පලදෙනු නව වසරක් උදා වී ඇත.

සුබසෙත පුවත්පත ඇසුරෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top