අද (23) උදෑසන 06වනවිට සිය දිවයින ආසන්නයෙන් පියාසර කරන චීන හමුදාවට අයත් ගුවන් යානා 35ක් නිරීක්ෂණය කළ බව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එම කාලසීමාවේදී චීන හමුදාව නාවික යාත්‍රා 6ක්ද නිරීක්ෂණය කළ බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
චීන ගුවන් යානාවලින් ගුවන් යානා 27ක් මධ්‍ය රේඛාව පසුකර තායිවානයේ උතුරු, නිරිතදිග සහ නැගෙනහිර ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට (ADIZ) ඇතුළු වූ බවටයි තායිවානය චෝදනා කරන්නේ.
ගුවන් සහ සාගර කලාපීය තත්ත්වය නිරීක්ෂණය කර ඒ අනුව ප්‍රතිචාර දැක්වූ බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.
ඊයේ (22) දිනයේද තායිවාන ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කළේ, චීන හමුදාවට අයත් ගුවන් යානා 14ක් සහ නාවික යාත්‍රා 5ක් සිය දිවයින ආශ්‍රිතව සැරිසරන බවයි.
මෑත සතිවලදී, චීනය නව්‍ය නාවික උපකරණ සමඟ තායිවාන වෙරළ තීරයන් ආක්‍රමණය කිරීමේ හැකියාව දෘශ්‍යමාන ලෙස ඉහළ නංවා ඇතැයි විදෙස් මාධ්‍ය ද වාර්තා කළා.
තායිවානය යනු සිය රටට අයත් දූපතක් බව චීනය අවධාරණය කර සිටින අතර ඊට විරෝධය එල්ල කරමින් තායිවානය පවසන්නේ ඔවුන් ස්වාධීන රාජ්‍යයක් බවයි.