අමෙරිකා එක්සත් ජනපදයේ සැමියෙකුට තම බිරිඳගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා.
33 හැවිරිදි නරේෂ් භාත්ට චෝදනා එල්ල වී ඇත්තේ ඔහුගේ බිරිඳ නේපාලයේ උපන් 28 හැවිරිදි මම්තා කෆ්ලේ භාට් ඝාතනය කිරීම සම්බන්ධයෙන්.
"සහකාරියගේ මරණයෙන් පසු ඔබට කොපමණ ඉක්මනින් නැවත විවාහ විය හැකිද" යන්න පිළිබඳව නරේෂ් අන්තර්ජාලය හරහා සෙවූ බවත්, මම්තා අතුරුදහන් වී ටික වේලාවකට පසු සැක කටයුතු භාණ්ඩ මිලදී ගන්නා ආකාරයත් දුටු බවයි නඩු පවරන්නන් හෙළිකර සිටියේ.
විලියම් ප්‍රින්ස් කවුන්ටි සර්කිට් උසාවියේදී නරේෂ්ට අපරාධ දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ බිරිඳ මම්තා අවසන් වරට දැක ඇත්තේ ජූලි 29 වැනිදායි.
නමුත් ඇගේ සිරුර මේවන තෙක් හමුව නැහැ.
මම්තා සේවයට නොපැමිණීම හේතුවෙන් අගෝස්තු 5 වන දින අතුරුදහන් වූ බව වාර්තා වී තිබෙනවා.
මිනීමැරුම් චෝදනාවට අමතරව, සිරුරක් සඟවා තැබීමේ චෝදනාවට භාත්ට එල්ල වී ඇති අතර මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔහු අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි..
ප්‍රශ්න කිරීම් අතරතුර, භාත්ට පොලිසියට පැවසුවේ ඔවුන් දෙදෙනා වෙන්වීමේ තීරණයක සිටි බවයි...
නමුදු අභිචෝදකයින් චෝදනා කරන්නේ අප්‍රේල් මාසයේදී ඔහු "සැමියා, බිරිඳ මිය ගිය පසු විවාහ වීමට කොපමණ කාලයක් ගතවේද", "සහකරු හෝ සහකාරිය මිය ගිය පසු ණයට සිදුවන්නේ කුමක්ද" සහ "වර්ජිනියාවේ සහකරු හෝ සහකාරිය අතුරුදහන් වුවහොත් කුමක් සිදුවේද" වැනි මාතෘකා සොයා ඇති බවයි.
භාත් ප්‍රාදේශීය සුපිරි වෙළඳසැලකින් එකකින් පිහි තුනක් මිල දී ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වෙනවා..
කෙසේ වෙතත් මම්තා කෆ්ලේට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි...