කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම නිවාස නොමැති දුරබැහැර පළාත්වල මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා...
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම ලබන මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතයිලු..
මන්ත්‍රීවරුන් 110කට පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීමට නියමිත බවයි ආරංචි වෙන්නේ.. මේ වෙනකොට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා...
එම මන්ත්‍රීවරුන්ගෙන් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බවයි තොරතුරු වාර්තා වන්නේ... ඔය අතරේ හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනකු තවමත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී රැඳී සිටින බව තොරතුරු ලැබී තිබෙනවා...
ඉතා ඉක්මනින් එම නිවාසවලින් ඉවත්ව යන බවට හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනා දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළා...නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ තිබෙන නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යනවාලු...
මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේද සහාය ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කළා...