සෝයා කිරි එහෙම නැත්තම් සෝයා අයිස්ක්‍රීම් බොහෝ පිරිස අතර ජනප්‍රිය ආහාරයක්.. එමෙන්ම නවතම පර්යේෂණයන්ට අනුව සෝයා ආහාර වර්ග ආහාරයට ගැනීම මගින් පිලිකාවන්, හෘද රෝග ඇතුළු රෝග ගණනාවක් වැළැක්වීමට සමත් වන බවට නවතම පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා..
සෝයා බෝංචි ධාන්‍ය වර්ගයක් වන අතර එයින් සෝයා කිරි, සෝයා සෝස්, සෝයා බෝංචි තලපයක් වන මිසෝ සෝයා සෝස් වර්ගයක් වන "ටෙම්පේ" හා අප කොයි කවුරුත් හඳුනන ටොෆි සකස් කිරීම සිදු වෙනවා..
සෝයා පාන් වර්ග, සීරියල් වර්ග, මාංශ නිෂ්පාදනයන් සකස් කිරීමට මෙන්ම මාංශමය ආහාර වෙනුවට පරිභෝජනය කළ හැකි ශාකමය ආහාර වර්ග වන සෝයා බර්ගර්, සෝයා සොසේජස් හා සෝයා හොට් ඩෝග්ස් නිපදවීමටද යොදා ගැනෙන අතර, පරිපූර්ණ සෝයා යොදා තැනූ ආහාර වර්ගවල ප්‍රෝටීන් මිනිස් ශරීරයට ප්‍රමාණවත් පරිදි අන්තර්ගතව පවතිනවා..
අමෙරිකාව වැනි රටවල් සෝයා ආහාර සිය ආහාරයට වැඩි වශයෙන් එක් කර ගනුයේ ඒ හරහා රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට මෙන්ම පිළිකාවන් වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බව විද්‍යාත්මක පර්යේෂණවලින් සනාථ වී තිබීම නිසායි..
විද්‍යාත්මක පර්යේෂණවලදී සෝයාවල අඩංගු ප්‍රෝටීන්වලට රුධිරගත එල්. ඩී. එල්. කොලෙස්ටරෝල් මට්ටම අඩු කළ හැකි බව සනාථ වී තිබෙනවා..
සෝයා ආහාරවල අඩංගු පෝෂණ පදාර්ථයන් හේතුවෙන් බොහෝ බටහිර ජාතිකයන් සෞඛ්‍ය සම්පන්න නොවන මාංශමය ආහාර වර්ගවලට වඩා සෝයා ආහාර පරිභෝජනයට හුරුවී සිටිනවා..
සෝයාවල ප්‍රෝටීන් යහමින් අඩංගුව පවතින අතර තන්තු විටමින් බී හා ඕමේගා-3 අම්ලයන්, සින්ක් ඇතුළු ලවණ වර්ග අඩංගුව පවතින අතර, කොලෙස්ටරෝල් හා සංතෘප්ත මේදය අඩංගු මාංශ වර්ග හා වෙනත් සත්ත්ව නිෂ්පාදනවල අඩංගු ප්‍රෝටීන්වලට වඩා සෝයා ප්‍රෝටීන් ගුණදායක බව අනාවරණය වී තිබෙනවා..
සෝයා ආහාර පරිභෝජනය සඳහා සොයා ගැනීම අපහසු නොවෙනවා වගේම, ඕනෑම රටක සෝයා ටොෆි හෙවත් සෝයා මීට් සුලබව අලෙවියට තබා ඇති අයුරු දැකිය හැකියි... සෝයා ආහාර වර්ග තෝරා ගැනිමේදී එම ආහාර වර්ගවල ලේබල් පරික්ෂා කර බලා ඒවා හොඳ මට්ටමේ සෝයා ප්‍රෝටීන් සපයන්නේද අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක් අන්තර්ගත වන්නේද යන්න පිළිබඳ හා කොලෙස්ටරෝල් හා එක් කරන ලද සීනි අඩු ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත වන්නේද? යන්න පිළිබඳව විමසිලිමත් විය යුතුය. ඇතැම් සෝයා ආහාර වර්ගවල රසකාරකයන් අන්තර්ගතව තිබීමට ඉඩකඩක් පවතිනවා..
ඔබට සෝයා ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීමට අවශ්‍ය නම් එය ආහාරයට හඳුන්වා දිය යුත්තේ ක්‍රමානුකූලවයි..
සෝයා යනු කොලෙස්ටරෝල් රහිත හා සංතෘප්ත මේදය අඩු මට්ටටමින් අන්තර්ගත ආහාරයක්...
එමෙන්ම එහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග අටම අන්තර්ගතව පවතින අතර එම අම්ල වර්ග අටම අන්තර්ගත එකම එළවළුව සෝයා පමණක් බව පැවසෙනවා..
ගර්භනී සමයේ කාන්තාවන්ට පෝෂ්‍යදායි වන සෝයා ආහාර හෘද රෝග, ස්ථුලභාවය, දියවැඩියාව, පිළිකා යන රෝග තත්ත්වයන් වැළැක්වීමටද සමත් බව බටහිර පර්යේෂකයන් මේ වන විට සනාථ කර තිබෙනවා..
අන්තර්ජාලය ඇසුරෙන්..