කලාශූරී ප්‍රවීන රංගන ශිල්පි විජය නන්දසිරි මහතා හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේදී ඊයේ ජීවිතයෙන් සමුගත්තා.
මියයනවිට විජය නන්දසිරි මහතා 72 හැවිරිදි වියේ පසුවුණා.
වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ විජය නන්දසිරි වඩාත් ප්‍රකට වන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍යයේ මනමේ රජු ලෙස රඟපෑමෙන්.
කුස පබාවතී, සිහබාහු, මහාසාර, රත්නාවලී, නරියා සහ කේජු කෑල්ල, ඒකාධිපති, තාරාවෝ ඉගිලෙති, හුණු වටයේ කථාව ආදී වේදිකා නාට්‍යවලදී ඔහුගේ රංග කුසලතාව කැපී පෙනුනා.
යසඉසුරු, සඳකඩ පහණ, බංගලි වළලූ, සසර සහ රේල් පාර ආදී චිත්‍රපටවල රඟ පෑ විජය නන්දසිරි සිකුරු හතේ චිත්‍රපටයේ කපුවා ලෙස රඟපෑ චරිතයට හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තා.
විජය නන්දසිරි විවාහ වූයේ සුබ සහ යස වේදිකා නාට්‍යයේ ඔහු සමඟ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ දේවිකා මිහිරානි සමඟයි. 1944 වසරේ උපන් ඉලුප්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි මහතා වේදිකාව සිනමාව සහ ටෙලි නාට්‍ය යන ත්‍රිත්ව කලා මාධ්‍යන් ඔස්සේ මෙරට රසික හදවත් ස්පර්ශ කළා. ඔහුගේ පළමු වේදිකා නාට්‍ය අත්දැකීම වූයේ පාසල් සමයේ රංගන දායකත්වය ලබා දුන් විදුරු දිව නැමති නාට්‍යයි. විජය නන්දසිරි මහතා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස කරළියේ පෙරළිකාරයෙකු බවට පත්වුණේ 1963 වසරේදී මහචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුලෙස එක්වෙමින්. එදා සිට වසර 27ක් විජය නන්දසිරි මහතා මනමේ කුමරුට ජීවය ලබාදුන්නා. විජය නන්දසිරි රංග ශිල්පියාගේ සිනමා ප්‍රවිශ්ටය සිදු වන්නේ මාතර ආච්චි සිනමා කෘතියෙන්. කේ.ඒ.ඩබ්ලිව් පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වූ නෑදෑයෝ චිත්‍රපටයේ අන්ධ තරුණයෙකු ලෙසින් ඉදිරිපත් කල චරිතය ඔස්සේ ඔහු අතිශය ජනාදරයට පාත්‍ර වුණ. මෑත කාලයේ නිර්මාණය කෙරුණු සිකුරු හත චිත්‍රපටයේ මංගල ජය‘ කපු මහතාගේ චරිතය ඔහුගේ ප්‍රහසන හැකියාවන් මනාව විදහා දක්වන්නක්. ඔහුගේ ජීවිත ගමන්මග ගැන දැක්වෙන මතක සටහනකි මේ. VIDEO