ජීවිතේ අපිට එන සමහර ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි වුණාම මිනිස්සු කරන්නේ හැමදේම අතෑරලා දාන එක. ඒත් උත්සාහ කලොත් බෑ කියලා හිතෙන ඕනි දෙයක් කරලා ජීවිතේ ජයගන්න පුලුවන් කියලා ඔවුන්ට කියලා දෙන්න කවුරුත් නැති එකයි ප්‍රශ්නය.
අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. කසුන් කියන්නේ මාතර තෙලිජ්ජවිල ඉන්න මාංශ පේශී නිසි පරිදි නොවැඩීම හේතුවෙන් රෝගීව ආබාධිත දෙපා සහතිව සිටින තරුණයෙක්.
නමුත් ඔහු පසුගිය 4වනදා තමන්ගේ ජීවිතේ ජයගත්තා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ වාණිජවේදී විශේෂ උපාධිය හිමි පුද්ගලයෙකු ලෙසින්.
ඔහු බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමියන් අතින් තමයි මේ උපාධිය ලබාගත්තේ. හැමදාම අම්මා ඔහුව වඩාගෙන කැම්පස් එකට අරන් ඇවිත් තමයි මේ විදියට ඔහුගේ ජීවිතේ ආලෝකමත් කරන්න කැපවුණේ.
ඒ වගේම කසුන් තමන්ට තියෙන රෝගී තත්වයන් පැත්තක දාලා ජීවිතේ ජයගන්න පුලුවන් උපරිමෙන් වෙහෙසුණා. ඔහුට හිටපු යාළුවෝ වුනත් කසුන්ට උදව් කරන්න දෙපාරක් හිතුවේ නැත්තේ ජීවිතේ ගොඩගන්න මේ තරුණයා වෙහෙසෙන හැටි දැකින ඕනි කෙනෙකුගේ ඇස් දෙකට කඳුලක් එන නිසා.