Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
09
කවුරුත් වැඩියේ නොදන්නා රස, ගුණ ඇති ආලංගා

- කවුරුත් වැඩියේ නොදන්නා රස, ගුණ ඇති ආලංගාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
මේ වගේ ඔබ නොදන්නා තවත් බොහෝ රසවත් කෑම වර්ග කොපමණ නම් ඇතිද..? මේ කියන්නේ අන්න ඒ වගේ තවත් එක රසවත් එළවළුවක් ගැන කතාවක්.. 

මෙය හඳුන්වන්නේ ආලංගා නමින්.. අද දවසේ මෙය බොහෝ දෙනකු දැක නැතුවාට සැකයක් නැහැ... මහනුවර යුගයේදී දේව පූජාවලදී ආලංගා නමින් කැවිලි විශේෂයක් භාවිත වූ බව අත්තරගම රාජගුරු බණ්ඩාර ලියූ ගණදෙවිහෑල්ල කවිපොතේ “පුදනෙමි අත්සුනු ගෙන ආලංගා” යන කවි පාඨයෙන් පෙනෙයි.. ගණදෙවි පූජාව හා දේව පූජාවලට යොදා ගත් මේ ආලංගා යනු කැවිලි විශේෂයක්..

එහෙත් මෙහි සඳහන් වන ආලංගා, අද වනවිට වඳ වී යන ඉතා දුර්ලභ එළවළුවක්... පැරැණි සිංහල ජන සමාජයේ එළවළුවක් ලෙස භාවිත ව වර්තමානය වනවිට වඳ වී යන දුර්ලභ එළවළුවක් ලෙසට ආලංගා ලතාව හැදින්වෙනවා.. ලංකාවට බෝංචි හඳුන්වා දුන්නේ පෘතුගීසින් බව අනුමාන කරන අතර, බටහිර රටවලින් බෝංචි ලංකාවට ලැබීමට පෙර බෝංචි වැනි එළළුවක් ලෙස ලාංකේයයන් පිසගෙන ඇත්තේ ආලංගා වැලේ කරල් බව කියවෙනවා..


අලංගා 5 - 10 m ක් පමණ උස යන බහුවාර්ෂික වැලක්... පත්රයක් දිගින් 5 - 15 cm පමණ වන අතර පලලින් 5 - 20 cm පමණ වෙනවා.. මල් සුදු පාට වර්ගයක් හා දම් පාට වර්ගයක් පවතින අතර මලක් 8 - 14 cm පමණ දිගින් යුක්තයි.. මල් පීපිම රාත්රි කාලයේදී සිදු වෙන අතර එම මල් ද්විලිංගිකයි... ලා කොල පැහැයෙන් අගල් 2 - 3ක් පමණ දිගට කරල් හටගනියි..

එම කරල් දිලිසෙන තෙල් ගතිය හා බූව සහිතයි.. පිපුණු මලේ ගැටිති කොටස මේ කරල මුදුනේ කුටුම්බියක් ලෙස පිහිටයි. එහි බීජ කිහිපයක් දක්නට ලැබෙන අතර බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදුවෙනවා... ආලංගා ශාකය Convolvulaceae ශාක කුලයට අයත් වෙනවා..

වදුල සහිත තෙත් බිම්වල විශාල වැල් ලෙස සරුවට වැඩෙන අලංගා හොදින් හිරුඑළිය ඇති ස්ථාන වල මනාව වැඩෙන අතර හොදින් ජලවහන සිදු වන ලෝම පස වඩාත් සුදුසු වෙනවා... අලංගා සාමාන්යයෙන් වේගයෙන් වැඩෙන ශාකයකි .පැල සිටුවා මාස 3 - 5 ගිය පසුව මල් පීපිම ආරම්භ වෙනවා...

අලංගා අතීතයේ දී ඖෂධීය ශාකයක් ලෙස භාවිතා කල ඇති බවටද මත පවතිනවා... එහෙත් දේශීය මූලාශ්‍රවල ආලංගා වැලෙහි ඖෂධීය බව හා නාමකරණය කිසිම තැනක සදහන් නොවෙයි..

අලංගා ඔසුවක් සේ භාවිතය කෙසේ වෙතත් එළවළුක් ලෙස භාවිතා කිරිම වර්තමානයේ වඩාත් ජනප්රිය වී ඇති බව දක්නට ලැබෙනවා... අලංගා වලින් ඉතාමත් රසවත් වෑංජනයක් සකස් කර ගත හැකියි.. බෝංචි වෙනුවට හොද විකල්පයක්...

වර්තමානයේ බෝංචි සෑදිමට විශාල වශයෙන් කෘෂි රසායනික භාවිතා කරනු ලැබෙනවා... නමුත් අලංගා ලෙසියෙන්ම වැඩි අවදානයක් නොමැතිව වගා කළ හැකි අතර අලංගා කරල් ඵලදාව බොහො කල් ලබා දෙනවා.. ආලංගාවල රසය හා ගුණය බෝංචි හා සමාන බව සටහන් වෙනවා...

ආලංගා ගැන විශේෂ යමක් -

ආලංගාවල නිජබිම දකුණු ඇමරිකානු රටවල හා මෙක්සිකෝවේ සිදු වී ඇති බව උද්භිත මූලාශ්‍රවල සදහන් වන අතර මෙම ශාකය කුමන කාලයකදී අප රටට ලැබුනේද යන්න සටහන් වීමක් නොමැත. පෙර රජදවස රාජකීය භෝජනයක් සේ ආලංගා තිබු බව කටවහරෙන් සමාජගත වී තිබුනත් එසේ දැක්වෙන කිසිම සටහනක් හමුවන්නේද නැත. මෙ ශාකය ගැන සදහන් වන දේශීය මූලාශ්‍ර කිසිවක් හමු නොවීම නම් විමතියට කරුණකි. විද්වතුන්ගේ පිලිගැනීම නම් මෙම ශාකය අපේ රටේ පාරම්පරික ශාකයක් සේ නොතිබු ශාකය විය හැකි බවයි. මහනුවර යුගයේදී දේව පූජාවලදී ආලංඟා නමින් කැවිලි විශේෂයක් භාවිත වූ බව අත්තරගම රාජගුරු බණ්ඩාර ලියූ ගණදෙවිහෑල්ල කවිපොතේ “පුදනෙමි අත්සුනු ගෙන ආලංඟා” යන කවි පාඨයෙන් පෙනෙයි. ගණදෙවි පූජාව හා දේව පූජාවලට යොදා ගත් මේ ආලංඟා යනු කැවිලි විශේෂයක් මිස ආලංගා නම් ශාකය නොවන බව විද්වතුන් පෙන්වා දෙයි.
A revised handbook to the flora of ceylon හි දැක්වෙන උද්භිද විස්තරයට අනුව ආලංගා මල් සුදු පැහැති බව එහි මෙන්ම Flora of china , Flora of pakistan යන විදේශීය මූලාශ්රවලද එසේ සටහන් වෙයි. මේ ශාකය ඉංග්රීසියෙන් Moon Flower ලෙස හැඳින්වෙනවා. Ipomoea alba ( ආලංගා ) හැරුණු විට ලෝකයේ වෙනත් Ipomoea විශේෂ හමුවෙයි. මෙම ශාකයේම ලක්ෂණ ඇති දම් පැහැ විශේෂය මෙහි මෙහි ප්රභේදයක් හෝ වැඩිදියුණු කළ විසිතුරු ප්රභේදයක් විය හැකියි. Ipomoea alba ශාකයේ පොහොට්ටු සහ ලපටි දලු ආහාරයට ගත හැකි බව ද Edible Medicinal and Non Medicinal Plants වල දැක්වෙනවා.



මුහුණුපොත ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top