සිඩ්නි ගුවන් තොටුපළේ දී මෙරට බලා පැමිණෙන්නට නියමිතව තිබූ ගිය ගුවන් යානයක භාණ්ඩ ගබඩාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 30 හැවිරිදි පුද්ගලකු බවයි ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉකුත් සිකුරාදා (26) සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ලැබුණු ඇමතුමකට පොලිසිය ප්‍රතිචාර දක්වා ඇති බවත්, ගුවන්තොටුපළේ ප්‍රධාන පරීක්ෂණ ප්‍රදේශය හරහා පුද්ගලයෙකු දිව ගිය බවට වාර්තා වූ බවයි.
ඒ අනුව ඔස්ට්‍රෙලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයාව ඊයේ (27) අත්අඩංගුවට ගත් බව නිවේදනය කළා.
කෙසේ නමුත් මොහුට ගුවන් තොටුපළේ සීමා සහිත ප්‍රදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන ලෙස දන්වා ඇති අතර, ඔහුට වෙනත් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් ඔහුට සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ මාස 12ක තහනමක් පනවා තිබෙන බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.