අපිට ඉහලින් ඇති අභ්‍යවකාශ කියන්නේ තනිකරම ප්‍රශ්න ගොඩාක්.
තවමත් විවිධාකාර පරීක්ෂණ අභ්‍යවකාශය ගැන සිදු කෙරෙමින් පවතිනවා.
මේ කියන්න යන්නේ අභ්‍යවකාශය ගැන කරපු නවතම සොයාගැනීමක් ගැන.
වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සොයාගන්න තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.
මෙම ග්‍රහලෝකය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41ක් පමණ ඈතින් පිහිටි ක්ෂීරපථ මන්දාකිණියේ, බවටයි සඳහන් වෙන්නේ.
අපේ ග්‍රහ ලෝකයට වඩා තරමක් විශාල බැවින් වැඩි මෙම ග්‍රහලෝකය පැය 18කට වරක්ම වේගයෙන් කක්ෂයක් සම්පූර්ණ කරන බවට සොයාගෙන තිබෙනවා.
පරීක්ෂකයින් පවසන අන්දමට වායුගෝල ඇති බව සොයාගත් සියලුම බාහිර ග්‍රහලෝක වායුමය ග්‍රහලෝක වන අතරම හමුවුණ පාෂාණමය ග්‍රහලෝකය මෙය බවටයි වාර්තා වෙන්නේ.